නව ව්‍යවස්ථාවට ජනමත විමසුම මාර්තුවේ / පුංචි ජන්දය වසර මැද

පළාත් පාලන ඡන්දය කල් දමා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ලබන මාර්තුවේදී ජනමත විචාරණයක් පැවැත්වීමට ආණ්ඩුවේ අවධානය යොමුවී තිඛෙනවා.
මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඉහළ පෙළේ ප්‍රධානීන් විසින් සාකච්ඡා වට කිහිපයක් පවත්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග අනාවරණය කරයි. පසුගිය සතියේ කතානායක කරු ජයසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදීද නව ව්‍යවස්ථාවට අදාළව ජනමත විචාරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබිණි.

දැනට ඉදිරිපත් කොට ඇති ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයේ අනුකමිටු හයේ නිර්දේශ ඇතුළත් වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සාකච්ඡා කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කිරීමෙන් පසු ජනමත විචාරණයට අදාළ දින නියම කරනු ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආණ්ඩුවේ ජේ‍යෂ්ඨ ඇමැතිවරයෙක් අනාවරණ කළා.

පළාත් පාලන ඡන්දය කල් දමා පළාත් සභා තුනක මැතිවරණ ලබන වසර මැදදී පැවැත්වීම සම්බන්ධයෙන්ද ආණ්ඩුවේ අවධානය යොමු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ අවධානය යොමු කර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරුන් පිරිසකි. ඊට අදාළ වියදම් ලබා දෙන ලෙස මැතිවරණ කොමිසම භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති බවද මීට පෙර මාධ්‍යවල පළ විය.(Mawbima)

ඔබගේ අදහස අපට කියන්න

Close