පිරමීඩ තැනූ විස්කම් තාක්ෂණය විද්‍යාඥයන් හෙළිකරයි

ලොව ඉපැරනි පුදුම 7 අතරින් අදට ඉතිරිව ඇති එකම පුදුමය වන ඊජීප්තු පිරමීඩ නිර්මාණය කළ ආකාරය වසර ගණනාවක පරීක්ෂණවලින් හදුනා ගැනීමට විද්‍යාඥයන් සමත්ව තිබෙනවා.
වර්තමානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයට සිතා ගැනීමටත් අපහසු නිර්මාණයක් වන පිරමීඩ සම්බන්ධයෙන් මෙහිදී වැදගත් තොරතුරු රැසක් හෙළිවූ බවයි මහාචාර්ය මයිකල් බාර්සොන් මහතා පවසන්නේ.
ලොව විශිෂ්ට නිර්මාණ ලෙස සැලකෙන පිරමීඩ අතරින් දැවැන්තම ගීසා පිරමීඩය ඉදිකර තිබුණේ බුද්ධ පූර්ව 2551 දීයි.  ඒ Khufu පාරොවෝ සමයේදීයි.
එහි උස අඩි 455ක්.
මෙම පිරමීඩය වෙනුවෙන් ටොන් 6000ක් බරුති ගල් යොදාගෙන ඇති බවයි අනාවරණවී ඇත්තේ.
මෙතෙක් විද්‍යාඥයන්ට ප්‍රබලතම ගැටලුවක් බවට පත්ව තිබුණේ මේ සදහා දැවැන්ත ගල් ගුට්ටි සොයාගත් ආකාරය / ඒවා නිවැරදි ලෙස කපා සකස් කරගත් ආකාරය/ එම ස්ථානයට ගෙන ආ ආකාරය  හා ඒ වෙනුවෙන් යොදාගත් කම්කරුවන්ට ආහාර පාන සැපයූ ආකාරය යන සාධකයි.
එම ගැටලු එකින් එක විසදිය හැකි සාක්ෂි ඉදිරිපත් කිරීම වෙනුවෙන් වන නව පරීක්ෂන වසර 20ක් පුරා සිදුව තිබුණා. ඒ අනුව මහාචාර්ය මයිකල් බාර්සොන් මහතා පවසන්නේ ගීසා නගරය ආසන්නයේ මෙම පාෂාණ ලබා ගැනීමට උචිත තත්ත්වයන් පවතින බවයි. කාන්තාරයේ පවතින දැවැන්ත පාෂාණ කොටස් හා හුණුගල් ස්තරයක් මේ සදහා යොදාගෙන ඇති බවද ඔහු අනාවරණ කළා.
ගීසා පිරමීඩය ඇතුලු පිරමීඩවල පවතින පාෂාණ පරීක්ෂා කිරීමේදී හෙලිව ඇත්තේ එම පාෂාණ තුල අධික ලෙස ජලය පවතින බවයි. ඒ අනුව ජලය හා මුසුවූ හුනුගල් ස්ථරයක් සහිත පාෂාණ මෙම පිරමීඩ වෙනුවෙන් භාවිතා කර ඇති බවත් ඒවා ජලය වියලී යාමේදී ඝන පාෂාණ කුට්ටි බවට පත්ව ඇති බවත් ඔහුගේ අනාවරණයේ සදහන්.
මෙම තරුණත් සමගම මහා පරිමාණයේ ගල් කුට්ටි නිසි පරිදි කපාගත් ආකාරය පිළිබදවද මහාචාර්යවරයා අදහස් පල කර තිබෙනවා.
ඔහු පවසන්නේ මෙම හුනුගල් මිශ්‍ර පාෂාණ ආයුධවලින් කපා නොමැති බවයි. ඒ වෙනුවෙන් වර්තමානයේදී ලොව පුරා භාවිතා වන නැනෝ තාක්ෂණය මීට වසර 4500 කට පෙර භාවිතා කර ඇති බවයි මහාචාර්යවරයා සදහන් කරන්නේ.
මේ අතර ඊජිප්තු පිරමීඩ නිර්මාණකරුවන්, පිරමීඩ ගොඩනැගීම සඳහා ටොන් ගණනාවක් බල අතිවිශාල ගල් කුට්ටි කෙලෙස ගෙන ආවේද යන්න පිලිබදවද මෙහිදී අනාවරණයක් ඉදිරිපත්ව තිබෙනවා. . ප්‍රධාන ධාරාවේ පුරාවිද්‍යාඥයින් මෙම ගල්කුට්ටි දසදහස් ගණනක් වහල් ශ්‍රමය උපයෝගී කරගෙන, ලී වලින් තැනූ වැල්ලේ යන, රෝද රහිත ස්ලෙජ් කරත්ත මත තබා ඇදගෙන යන්නට ඇති බවට තර්ක කරනවා.
රෝදය, ලීවරය, කප්පි පද්ධති වැනි සරළ යන්ත්‍ර පවා නොතිබුණු ඊජිප්තු ශිෂ්ඨාචාරයට මෙවැනි අති දැවැන්ත ගොඩනැගීමක් කිසිසේත් සිදුකල නොහැකි බව පවසන ඇතැම් පිරිස් ඒ පිළිබද මීට පෙර පල කර තිබුණේ මෙවන් මතයන්.
පිටසක්වල තාක්ශණ කල්පිතය – මෙම ඒන්ෂන්ට් ඒලියන් කල්පිතයට අනුව පිරමීඩ හා වෙනත් විශ්මිත පෞරාණික ගොඩනැගිලි නිර්මාණය කරන්නට ඇත්තේ අතිතයේ මෙලොවට පැමිණි පිටසක්වලයින් විසින් හෝ ඔවුන්ගේ තාක්ශණය ලැබී තිබූ පෞරාණික මිනිස් ශිෂ්ඨාචාර විසිනුයි.පෞරාණික අධිතාක්ශණික යුග කල්පිතය – මෙම කල්පිතයට අනුව අප දන්නා මිනිස් ඉතිහාසය නිවැරදි නොවනවා. අද පවතින අධිතාක්ශණික යුගය, මිනිස් වරගයා නිර්මාණය කල පලමුවන අධිතාක්ශණික යුගය නොවන අතර මීට වසර 20,000 – 30,000කට හෝ ඊටත් පැරණි අතීතයේ මිනිස් වර්ගයා අධිතාක්ශණික යුගයක් නිර්මාණය කොට තිබෙන අතර ඉපැරණි භාරතය මෙන්ම පෞරාණික ඇට්ලෑන්ටිස් හා මූ ශිෂ්ඨාචාර පිලිබඳ පුරාවෘත මේඅධිතාක්ශණික ශිෂ්ඨාචාරවල අපහැදිලි මතකයන් වනවා. වේද ග්‍රන්ථවල ඇති විමාන නම් පියාසර යානා, න්‍යශ්ඨික අවි යැයි හැඟෙන අපූර්ව අවි-ආයුධ, දඬුමොණර ජෙට් යානයේ නිර්මාතෲවූ රාවණ රජ පුරාවෘත්තයද මෙයට අයත් වනවා. ඒ අනුව පිරමීඩවල නියම වයස දැන් පිලිගැනෙන වසර 5000 නොව, වසර 20,000-30,000 හෝ ඊටත් පැරණි වනවා. පිරමීඩ ගොඩනගා ඇත්තේ පෞරාණික අධිතාක්ශණික මානව ශිෂ්ඨාචාරයක් විසින් මිස සරල යන්ත්‍ර පවා නොතිබුණු ඊජිප්තු ශිෂ්ඨාචාරය මගින් නොවේ.

පිරමීඩ ගල්කුට්ටි ප්‍රවාහණය පිලිබඳ ප්‍රධාන ධාරාවේ අලුත්ම කල්පිතය – වසර 4000ක් පමණ පැරණි ජෙහුටිහොටෙප් නම් ඊජිප්තු රාජකීයයාගේ සොහොන්ගෙය තුල තිබී හමුවූ පැරණි චිත්‍රයක් ඔස්සේ පර්යේෂණ පැවැත්වූ ඈම්ස්ටර්ඩෑම් විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිලිබඳ මහාචාර්යවරයෙකු වූ ඩැනියෙල් බොන් මෙම කල්පිතය ගොඩනගනවා. මෙම චිත්‍රයෙහි වැල්ල මත ලිස්සායන ස්ලෙජ් කරත්තයක් මත තබාගත් අතිවිශාල ශෛලමය පිලිමයක් වහලුන් සියගණනක් විසින් ඇදගෙන යන අයුරු නිරූපණය වෙනවා. මහාචාර්ය බොන් පවසන අන්දමට මෙම රූපයෙහි ස්ලෙජ් ඔරුව ඉදිරියෙන් යන පුද්ගලයෙකු ජල කොතලයකින් වැල්ලට ජලය ඉසින ආකාරයද පෙනවා තිබෙනවා.

ජෙහුටිහොටෙප් චිත්‍රය – ස්ලෙජ් කරත්තය ඉදිරියෙන් සිටින මිනිසෙකු කොතලයකින් වැල්ලට ජලය වත්කරන ආකාරය
 තම පර්යේෂණ විස්තර කරන මහාචාර්ය බොන්;
“මුලින් අපි හිතුවේ මේ ජල ඉසීම යම් චාරිත්‍රයක් කියලයි. විද්‍යාගාරයේදී, වැලිමත බරතබා ඇදගෙන යාහැකි ස්ලෙජ් කරත්තවල ආකෘති හදලා ඒ මත බර තබලා ඇදගෙන යනකොට ඔරුව ඉස්සරහ වැල්ලට ජලය ඉසින්නට අපි කටයුතු කලේ, මේ චාරිත්‍රයට හේතුව හොයාගන්න..අපිට පෙනීගියා තෙත වැල්ලේදි ස්ලෙජ් කරත්තය පහසුවෙන් ඇදී යන බව. වියලි වැල්ලේ ඇදීමේදී ස්ලෙජ් කරත්තය ඉදිරිපස වැලි බැම්මක් ගොඩනැගිලා ඇදීම අපහසු කරනවා, ඒත් වැල්ල තෙමූවිට, එවැනි වැලි බාධකයක් හට ගන්නේ නෑ…

 ඒ අනුව, 50% අඩු ශ්‍රමයකින් තෙත වැල්ලේ යම් බරක් ඇදගෙන යා හැකි බව අපේ පර්යේෂණ වලින් තහවුරු වුනා. ඊජිප්තු චිත්‍රයේ වැලි තෙමන මිනිහා කරන්නේ, චාරිත්‍රයක් නෙමෙයි, වැල්ලේ කරත්තය ඇදගන යාම පහසු කරන සරල තාක්ශණයක් තමයි ඔවුන් ඒ පිළිඹිබු කරන්නේ…
තෙත වැල්ලේ ඇති වැලිකැට, ජලය හා බන්ධනයක් ඇතිකරගෙන ඝණ කරනවා. එතකොට වැලි බාධක ඇති නොවී කරත්තයට ගමන්කරන්න පුලුවන්…..තෙත වැල්ලෙන් කෝම් පිට්ටු හදන්න පුලුවන් වෙන්නෙත්, වියලි වැල්ලෙන් බැරි වෙන්නෙත් මෙම ජලය හා වැලි බන්ධනය හේතුවෙනුයි…
මේ අතර පිරමීඩ නිර්මාණයට දායකවූ දස දහසකට අදික පිරිසකට වසර 27 ක් පුරා ආහාර සැපයීම සම්බන්ධ පැනයට පුරාවිද්‍යාඥයන් නව කරුණක් ඉදිරිපත් කරනවා. ඔවුන් පවසන්නේ ගීසා හී වරායක් ආශ්‍රීතව සිදුකළ කැණීම්වලින් ඉපැරණි ලේඛන රැසක් හා මුද්‍රා රැසක් හමුවූ බවයි. ඒවා ආහාර සැපයීමේ සම්බන්ධ නිලධාරීන් භාවිතයේ පැවැති ඒවා බවයි ඔවුන් පවසන්නේ. ඒ අනුව ජලාශ හරහා යාත්‍රා මගින් මහා පරිමාණයෙන් ආහාර ගෙන එමින් පිරමීඪ කලාපයට ඒවා යොමුකර ඇති බවයි මෙහිදී අනාවරණ කර ඇත්තේ.

One thought on “පිරමීඩ තැනූ විස්කම් තාක්ෂණය විද්‍යාඥයන් හෙළිකරයි

  • November 28, 2016 at 7:12 pm
    Permalink

    Where the buddha purva years

    Reply

ඔබගේ අදහස අපට කියන්න

Close