වයඹට කර්මාන්ත කලාප 2ක් / වොක්ස්වැගන් ජනවාරියේ කුරුණෑගලට / අගමැති කියයි

රටේ ණය බර හා බදු බර අනාගත පරපුරට උරුම නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද අවධාරණය කළා.
ඒ කුරුණෑගලදී පැවැති සවිය ගමින් ගමට වැඩ සටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින්.
වයඹ පළාත දියුණු කිරීමට ඉදිරියේදී කර්මාන්ත කලාප 2ක් ඇති කරන බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළා.

වොක්ස්වැගන් මෝටර් රථ කර්මාන්ත ශාලාව කුරුණෑගලදී ඉදිකිරීමේ කටයුතු ලබන ජනවාරියේ ආරම්භ කරන බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී සදහන් කළ.

මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් / අමාත්‍ය දයා ගමගේ / ගාමිණී ජයවික්‍රම පෙරේරා, එස් බී නාවින්න පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල හා නලීන් බන්ඩාර යන මහත්වරුන් එක්ව සිටියා.

 

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close