අගහරු ජයගන්න නාසා පිටසක්වල තාක්ෂණයේ යානයක් තනයි

අභ්‍යාවකාශ විද්‍යාවේ පෙරලියක් කරමින් වර්තමානයේ පවතින උපරිම වේගයද අභිබවා යන විද්‍යුත් චුම්බක යානයක් නිර්මාණය කිරීමේ කටයුතු නාසා ආයතනය ආරම්භ කර තිඛෙනවා.
ඒ අනුව ඉන්ධන බලයෙන් මෙතෙක් ගමන් ගත් රොකට් යානා තාක්ෂණය කඩිනමින් අභාවයට යනු ඇති බවයි නාසා විද්‍යාඥයන් ඉගි පල කරන්නේ.
මේ හරහා මිනිසා මෙතෙක් අභ්‍යාවකාශයේ ගමන් කළ වේගය 10 ගුණයකින් වර්ධනය වනු ඇති.
ඒ අනුව මෙතෙක් වසර 2ක් පමණ කාලයක් ගත වනු ඇතැයි අපේක්ෂා කළ දීර්ඝ අභ්‍යාවකාශ ගමන් දින 70 කින් පමන ගමන් කළ හැකි වනවා.
මෙම යානා සූර්්‍ය ශක්තිය උකහා ගමින් බලය නිර්මාණය කරගන්නා බැවින් ඉන්ධන භාවිතයක්ද සිදුවන්නේ නැහැ.
මෙම තාක්ෂණය පිටසක්වල යානා සතු තාක්ෂනය බවටයි ඇතැම් පිරිස් මත පලකරන්නේ.
ඇතැම් පිටසක්වල යානා බවට පැවසෙන වස්තූන් ගමන් කරන අධි වේගය ඉතා ඉක්මනින් මිනිස් වර්ගයා සතුවීමකත් ලෙසයි විද්‍යාඥයන් මෙය හදුන්වාදෙන්නේ.

ඔබගේ අදහස අපට කියන්න

Close