ප්‍රතිඵල යළි ගනන් කිරීමේ උත්සාහයට ට්‍රම්ප් දෙහි කපයි

අමෙරිකානු ජනපතිවරණයේ ජන්ද යළි ගනන් කිරීම සදහා හිලරි ක්ලින්ටන් කටයුතු කිරීම නව ජනාධිපති ලෙස තේරී පත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් හෙළාදැක තිඛෙනවා.
ඔහු පවසන්නේ මැතිවරණ ප්‍රතිඵල නිකුත්වීමෙන් පසු හිලරි ක්ලින්ටන් විසින් එය පිළිගත් බවයි. මේ වන විට ඇය රහසිගතව ප්‍රතිඵලයට එරෙහිව කටයුතු කරන බවටද ට්‍රම්ප් මහතා චෝදනා නගනවා.
මේ වන විට විස්කොන්සින් ප්‍රාන්තයේ ජන්දය යළි ගණන් කිරීම සදහා හරිත පක්ෂයේ ජිල් ස්ටෙයින් ඉල්ලීමක් කර තිඛෙනවා.
කෙසේ වෙතත් ඒ හරහා අමෙරිකානු ජනාධිපතිවරණ ප්‍රතිඵලට දැඩි බලපෑමක් එල්ල වන්නේ නැහැ.
මේ අතර ඩිමොක්‍රටික් පක්ෂය පවසන්නේ අමෙරිකානු ජනපතිවරණ ප්‍රතිඵළ ගණනය කිරීමේදී ඊට සයිබර් ප්‍රහාරයක් එල්ල කර රුසියාව විසින් සැබෑ ප්‍රතිඵලය වෙනස් කර ඇති බවයි.

ඔබගේ අදහස අපට කියන්න

Close