බලන බලන දේ ගිනි ගන්නා චීන දැරියගේ අරුමය

මිනිසා ගින්දර තම ප‍්‍රයෝජනයට ගැනීමට පුරුදු වී ශතවර්ෂ ගණනාවක් ගතවී තිබේ. එසේ වුව ද ගින්දර තමන්ට අවශ්‍ය ආකාරයෙන් පාලනය කිරීමට කිසිදු හැකියාවක් නැත. ගිනි දැල්වීමට නම් යම් මාධ්‍යයක් උපයෝගී කැර ගත යුතුය. එහෙත් කිසිදු මාධ්‍යයක් නොමැතිව යමක් දෙස බලා සිටීමෙන් එය දවා හළු කළ හැකි දැරියක් වියට්නාමයේ ජීවත් වන්නීය.

ඇය තවමත් 16 වැනි වයසේ පසුවන්නියකි. ලොව පුරා භෞතිකවාදීනගේ සහ මනෝ විද්‍යාඥයන්ගේ අවධානය ඇය කෙරෙහි යොමු වී පර්යේෂණ ගණනාවක් සිදු වුව ද තවමත් ඇයගේ හැකියාව පිළිබ`ද නිශ්චිත තීරණයකට එළඹීමට හැකි වී නැත. ඇතැම් මනෝ විද්‍යාඥයන් පවසන්නේ එය ඉතා දුර්ලභ මානසික රෝගයක් බවයි.

වියට්නාමයේ හෝ චි මිං නගරයේ ජීවත් වන ඇයට දහස් ගණනක පිරිසක් බලා සිටිය දී  ඕනෑම වස්තුවක් ගිනිදැල්වලින් වසා පුළුස්සා දැමීමට හැකියාව ඇත.  පසුගිය වසර කිහිපයක් පුරා ඇගේ නිවසේ ඇතැම් දේ හදිසියේ ම ගිනි ගැනීමත් සමග ඇගේ පියාගේ අදහස වූයේ විදුලි කාන්දු හේතුවෙන් මෙලෙස ගිනි ඇවිලෙන බවයි.

ඇගේ පියා ඒ ගැන මෙසේ පවසයි.
‘‘ගෙදර නොයෙක් උපකරණ වරින් වර ගිනි ගත්තා. අපිට බලවත් සැකයක් තිබුණා විදුලි කාන්දුවක් නිසා මේ ගිනි ගැනීම් සිදුවෙනවා ද කියා. නමුත් කාර්මිකයන් ගෙන්වා පරීක්ෂා කළ විට එසේ නොවන බව තහවුරුකැර ගැනීමට හැකියාව ලැබුණා. පසුව මා එක් දිනක් දුටුවා දුව විදුලිය නොමැතිව තිබූ බල්බයක් දෙස බලා සිටිනවා. ඒ අවස්ථාවේ එය හදිසියේම ගිනි ගත්තා. මා දන්නවා ඇය එය ගිනි තැබීමට කිසිදු උපකරණයක් භාවිතා නොකළ බව. නමුත් මේ ගින්නත් දුවත් අතර සම්බන්ධයක් තිබෙන බව දැනගෙන මම ඇය ගැන වඩාත් හොදින් නිරීක්ෂණය කළා. පසුව පෙනී ගියා ඇය යමක් දෙස මොහොතක් බලා සිටීමෙන් එය ගිනි තැබිය හැකි බව. වෙනත් නිවසක බල්බ දෙස බලා සිටියදී ඒවා ගිනි ගත්තා. ප‍්‍රධාන විදුලි පේනුව දෙස බලා සිටිය දී එය පුපුරා විනාශ වූවා.’’

මේ දැරිය පිළිබද පුවත් ලෝකය පුරා සීඝ‍්‍රයෙන් පැතිරෙන්නට වූයේ 2012 වර්ෂයේ දී ය. ඇය සිය දක්ෂතා පෙන්වීම සදහා එක් ස්ථානයක ගිනි ඇවුළවූ විට ඒ ගින්න නිවාගත නොහැකි අයුරින් පැතිරගොස් ප‍්‍රදේශයක් ම දවා හළු වී දැඩි විනාශකාරී බවක් ද ඇතිවී තිබිණි.

වරක් සිය දෙමාපියන් සමග වෑන්ග්ටෝ වෙරළේ නිවාඩුවක් ගත කිරීමට ගිය අවස්ථාවක දී සිදුවූයේ බලවත් අකරතැබ්බකි. දිනක් ඇය නිදා සිටි මෙට්ටය, විදුලි පංකාව යනාදී උපකරණ කිහිපයක් ඇය බලා සිටිය දී ම ගිනි ගත්තේය. වරක් ඇය එම නිවාඩු නිකේතනයේ වැසිකිළියේ සිටිය දී වැසිකිළි අසුන ගිනිගෙන අළු වී ගියේය.

2013 මැයි 12 දා ඇය ජීවත්වන මහල් නිවසේ තුන්වැනි මහළ ගිනි ගත්තේ ඒ නිවාස සංකිර්ණයේ සැවොම බියපත් කරමිනි. දැන් ඇගේ දෙමාපියන්ට සිදුව ඇත්තේ මේ දැරිය නිදන අවස්ථාවේ දී පවා ඇගේ ඇ`ද වටා තෙත රෙදි හා වතුර බාල්දි තබාගෙන නිතර සෝදිසියෙන් සිටීමටයි.

‘‘මගේ දුව යමකට ගිනි තබන අවස්ථාවේ එයාගේ සිරුරෙන් කිසිදු ආකාරයක ගිනි දැල් ඇතිවන්නේ නැහැ. කිරණයක් නිකුත්වන බවක් ද පෙනෙන්නේ නැහැ. මෙය මහා පුදුමාකාර දෙයක්. ඇතැම් අවස්ථාවලදී ඇගේ ඇදුම් පවා ගිනිගන්නවා. අපිට බය තිබෙන්නේ මේ හේතුව නිසා ඇගේ ජීවිතය අහිමිවේ යැයි කියා. ’’
පසුගිය දා වියට්නාමයේ හෝන්ස් බෑංග් විශ්වවිද්‍යාලයේ භූ ජෛව ශක්තීන් සම්බන්ධ පර්යේෂණ අංශයේ පර්යේෂකයන් කණ්ඩායමක් මේ දැරිය පිළිබ`ද පර්යේෂණ කළහ. ඔවුන් කියා සිටියේ ඇගේ සිරුරේ කිසියම් අසාමාන්‍ය තත්ත්වයක් හටගන්නා බව තමන්ට පෙනී යන බවයි. එම විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නෙයුන් මාං හන්ග් පවසන්නේ අවට තිබෙන දේවල්වලට ගිනි අවුලූවන්නට හෝ වෙනත් තාපයක් ආරෝපණය කරන්නට හෝ මේ දැරියට අසාමාන්‍ය හැකියාවක් තිබෙන බවයි.

මහාචාර්ය හන්ග් මෙසේ පවසා ඇත.
‘‘අපි දැරියගේ මොළය පරීක්ෂාවට ලක්කළා. මොළය ස්කෑන් කළ අවස්ථාවේ එහි දකුණු පැත්තේ ඉතා අසාමාන්‍ය රේඛාවක් දක්නට ලැබුණා. ඇයට තමන් අවට ළ`ග ඇති දේ පමණක් නොව ඇතැම් විට බොහෝ දුර ඇති දේ පවා ගිනි තැබීමට හැකියාවක් තිබීම පුදුම සහගතයි. ’’

මානව හැකියාවන් සම්බන්ධ පර්යේෂණ රැුසකට මේ දැරිය යොමු කිරීමෙන් පසු එවැනි පරීක්ෂණ පැවැත්වූ පර්යේෂකයන් පවසන්නේ මේ දැරියගේ හැකියාව දැනට සොයාගෙන ඇති විද්‍යාත්මක දත්ත අනුව තේරුම්ගත නොහැකි බවයි.

ඔවුන් ඇගේ රුධිරය, සමේ පටක, මුත‍්‍රා මෙන්ම ඇය ගිනි තබන ලද ද්‍රව්‍යයන් හි අවශේෂ පරීක්ෂාවට ලක් කැරිණි. 2013 ඔක්තෝබර් අග භාගයේ වියට්නාමයේ ඇයගේ හැකියාව සම්බන්ධ විශේෂ සමුළුවක් ද පැවැත්වීමට මානව හැකියා පර්යේෂණ සංගමය කටයුතු කරන ලදී. එහිදී පර්යේෂකයන් වැඩිම අවධානයක් යොමු කළේ මේ දැරියගේ මොළය හා සිරුර වඩාත් හොදින් ආරක්ෂා කිරීම සම්බන්ධයෙනි.

විද්‍යාඥයන් පවසන්නේ ඇගේ මොළයේ දකුණු පැත්තේ ඇති අසාමාන්‍ය රේඛාව රත් පැහැයෙන් බබලන බවයි. නමුත් ඇගේ සිරුරට තිරුවානා ගල් කැබලි ළං කරන අවස්ථාවේ දී මේ රේඛාව අතුරුදන් වන බව ද පර්යේෂකයෝ පෙන්වාදෙති. එලෙස තිරුවානා ගල් ළං කළ විට ඇය අසනීප බවක් පෙන්වන අතර විදුලිසැර වැදුණු අයකු මෙන් වේදනාවෙන් දගලන බවත් වෛද්‍යවරු පවසති.

දැරියගේ පියා පවසන්නේ තම දියණිය වයස අවුරුදු තුනේ දී බරපතළ අනතුරකට මුහුණ දුන් බවයි. මේ තත්ත්වය ඇතිවී තිබෙන්නේ එම අනතුරේ යම් බලපෑමක් හේතුවෙන් ද යන්න සොයා ගැනීමට ද පර්යේෂකයන්ගේ අවධානය යොමුව ඇත. කෙසේ වෙතත් වියට්නාම රජය මේ දැරියගේ අනන්‍යතාව හෝ දැරිය නිශ්චිතව හදුනාගත හැකි ආකාරයේ ඡුායාරූප මාධ්‍යයට නිකුත් නොකිරීම ද විශේෂත්වයකි.(Lankadeepa)

ඔබගේ අදහස අපට කියන්න

Close