රජයේ රෝහල්වලට එන රෝගීන්ට පිටින් රුධිර පරීක්ෂණ බෑ

දිවයිනේ සියලුම රජයේ රෝහල්වල සිදු කෙරෙන රුධිර පරීක්‍ෂණ ලබන ජනවාරි 01 වැනිදා සිට පෞද්ගලික රෝහල්වලට නොයවන ලෙස පනවා ඇති නියෝගය දැඩිව ක්‍රියාත්මක කරන බව  සෞඛ්‍ය  ඇමැති රාජිත සේනාරත්න මහතා අවධාරණය කර තිඛෙනවා.
අමාත්‍යවරයා පවසන්නේ එම නියෝගය  නොපිළිපදින සියලු රෝහල් අධ්‍යක්‍ෂවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
ඒ සම්බන්ධයෙන් විශේෂ චක්‍ර්‍රලේඛයක් ලබන සතියේ රෝහල් වෙත නිකුත් කිරීමට නියමිතව තිඛෙනවා.

සෞඛ්‍ය ඇමැතිවරයා විසින් සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතා වෙත මෙම උපදෙස් නිකුත් කර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කළේ.

රජයේ රෝහල්වලට ඇතුළත් වන රෝගීන්ගේ රුධිර පරීක්‍ෂණයන් පුද්ගලික රෝහල්වලට යෑවීම ලබන ජනවාරි 01 වැනිදා සිට සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් තහනම් කකරනු ලැබුවා.  එය යථාර්ථයක්‌ බවට පත්කර ගැනීම සඳහා දෙසැම්බර් 31 වැනිදා වන විට රුධිර පරීක්‍ෂණ සිදුකිරීම සඳහා රසායනාගාර නැති සියලු රජයේ රෝහල්වලට රසායනාගාර පහසුකම් ලබාදීමට කටයුතු කර ඇති බවයි අමාත්‍යාංශය පවසන්නේ.

ඔබගේ අදහස අපට කියන්න

Close