සදේ කදවුරු හදන්න රුසියාව ලොව ලොකුම රොකට්ටුව තනයි

මෙතෙක් ලෝකයේ නිෂ්පාදනය කරන ලද දැවැන්තම රොකට්ටුව නිර්මාණය කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව රුසියාව අනාවරණ කළා. එරට උප අග්‍රාමාත්‍ය දිමිත්‍රි රොගෝසින් අනාවරණ කළේ සද මත ඉදිකිරීමට යන රුසියාවේ ස්ථිර කදවුර වෙනුවෙන් අවශ්‍ය ද්‍රව්‍ය මේ හරහා යොමුකිරීමට සැලසුම් කර ඇති බවයි.
මෙම කදවුර රුසියානුවන්ට සංචාරය කිරීමට මෙන්ම ස්ථිර පදිංචිය සදහා භාවිතා කළ හැකි පරිදි නිර්මාණය කිරීමයි අපේක්ෂාව වී ඇත්තේ. Russia is developing a mega-rocket that will transport supplies to build a base on the moon, the country's Deputy Prime Minister has revealed (file picture)
ඒ අනුව අදාළ දැවැන්ත රොකට්ටුවේ ඉදිකිරීම් මේ වන විටත් ආරම්භ කර තිඛෙන බවයි රුසියානු උප අගමැතිවරයා පවසන්නේ.
මේ යටතේ පෙර සවි කරන ලද කදවුරු කොටස් සද මත තැන්පත් කිරීමට නියමිතව තිඛෙනවා.
2026 වසරේදී ගගනගාමීන් රහිතව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන පරිදි මෙම යානය සද මත ගොඩබැස්වීමට නියමිතව තිඛෙනවා.
එසේ සකස් කරන ලද චන්ද්‍ර කදවුරේ රුසියානු ගගනගාමීන් ගොඩබැසීම 2031 වසරේදී සිදුකිරීමට නියමිතයි.
President Vladimir Putin (pictured) wants work to begin on the new 'super-heavy' rocket which will 'pave the way' for a lunar research stationඑතැන් සිට ස්ථිරව අභ්‍යාවකාශගාමීන් 12 දෙනකු සද මත කදවුරේ රැදී සිටීමට නියමිතව තිඛෙනවා.
මේ වන විට සද ජය ගෙන ඇත්තේ අමෙරිකාව පමණයි. 1969 සිට 1972 දක්වා කාලයේදී ඇපලෝ යානා මගින් අමෙරිකානුවන් 12 දෙනකු සදට පා තබා තිබුණා.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close