සිරිපා කන්දට යාබද කන්ද ඉපැරණි ගිනි කන්දක්ද ?

 ලෝකයේ ගිනිකඳු පුරාණය දෙස එබී බලන කල රාවණ යුගයේ ලංකාවේ ගිනි කන්දක් තිබුණු බවට මත පළවී තිබේ. අප සමනල අඩවියට යමු. සමනළ කන්දේ සිට බලන විට නුදුරින් පේන කුණුදිය පර්වතය රාවණ යුගයේ පිහිටි ගිනි කන්දයි. නමුත් මේ ගිනි කන්ද දැන් සාමාන්‍ය කන්දකි. එය නිහඬ කන්දක් වූයේ කෙසේද?

රාවණ යුගයේ මෙම පර්වතයෙන් නිතර ලෝදිය හෙවත් ලාවා ගලා තිබේ. කන්දෙන් ලාවා ගලනු දුටු මරිචි රාක්ෂයා රාවණ රජු හමුවට ගොස් මේ පිළිබඳව දන්වා ඇත. රාවණ එහි පැමිණ යාගයක් සිදු කොට ඇත. එම යාගයෙන් ලෝදිය උණු දිය බවට පත්ව තිබේ. ඉන් පසුව මෙම කන්ද උණුදිය පර්වතය යැයි ජන ව්‍යවහාර ගත විණ. පසුව කාලයත් සමග අද කුණුදිය පර්වතය ලෙස ජනගතවී තිබේ.

එදා මේ ගිනි කන්ද පුපුරා ගියේ නම් මුළු සමනළ අඩවියම විනාශ වෙන්නට ඉඩ තිබිණි. ගිනි කන්දේ දැඩි රශ්මිය කරණකොට අවට පළාතේ ගෙවුඩ නම් මැණික් විශේෂය උපදින්නට ඇත. විශේෂයෙන් සමනළ අඩවිය හා රුවන්පුර අවටින් ගෙවුඩ මැණික් හමුවන්නේ රාවණ යුගයට නෑකම් ඇති කුණුදිය පර්වතයේ වූ ගිනි කඳු ලක්ෂණ නිසාය.

සමනල රුව කොටා ඇති සමනළ     කන්ද
ගවරගෙ රුව ඇති ගවර ගිරි            කන්ද
ලෝදිය එදා ඉතිරුණු උණුදිය          කන්ද
මරිචිගෙ වාස භවනය බෑනගෙ         කන්ද

ඉහත කවිය පැරැුණි පුස්කොළ පොතකින් උපුටා ගත්තකි. රාවණ රජ සමය සමනළ අඩවිය සමග සුහද නෑයෙකි. රාවණ රජතුමා නිරතුරුව සමනළය හා අවට කඳුවල සැරිසරා ඇත. මරිචි රාක්ෂයා යනු රාවණගේ බෑනාය. බෑනා සිටි නිසා බෑනා සමනළයටද ඔහුගේ වාස භවන ගිනි කන්දෙන් ආරක්ෂා කර දෙන්නට උණුදිය පර්වතයටද රාවණ පැමිණෙන්නට ඇත.

මරිචිට කළ නොහැකි වූ ගිනි කන්ද නිහඬ කිරීම ඔහු රාවණට පවරා තිබේ. රාවණ බෑනා වෙනුවෙන් බෑන සමනළයට ගොස් එතැනින් උණුදිය පර්වතයට පැමිණ ගිනිකන්දේ ලෝදිය ගැලීම නතර කරවා ඇත.

මෙම කාර්යය රාවණ රජතුමා විසින් සමනළ අඩවියේ වාස භවනය සඳහා කළ උදාර මෙහෙවරකි. මෙය ගිනිකන්දක් ලෙසම පැවතිණි නම් එහි තර්ජනය බරපතළ අන්දමින් අවට ප‍්‍රදේශ කෙරේ බල පාන්නට තිබිණි.

තවත් අතෙකින් රාවණ රජතුමා තම බෑනණුවන් වෙනුවෙන් කළ උපකාරයකි.
මරිචි රාක්ෂයා රාවණ චරිතය ළඟ නිතර ගැවසුනෙකි. ඔහු රාවණගේ සමීප ආරක්ෂකයකු සේම සීතා දේවිය පැහැරගෙන ඒම සඳහාද රාවණ හා ගිය අයෙකි.

උණුදිය පර්වතයට එහායින් ඇති ගවරගිරි කන්දේ මහා මැණික් නිධානයක් ඇති බව කියැවේ. පැරැුණි පුස්කොළ පොත්හි සඳහන් වන ආකාරයට ගවරගිරිය මැණික් බැංකුවකි. එතරම්ම මැණික් ගොඩක් වසා ගත්තකි. නමුත් මේ නිධානය සුරකින බලවේග රාශියක් වෙයි. එයින් ප‍්‍රධානියා රාවණ සමයෙහි විසූ ගව රාක්ෂයාගේ භූත ආත්මයයි. මේ ගවර භූතයාගේ ශරීරය මනුෂ්‍ය ස්වරූප ගනී. හිස ගවර ස්වරූපයේය.

පැරණි තොරතුරුවල සඳහන් ආකාරයට ගව රාක්ෂයාගේ භූත ආත්මය දඩයම්කරුවන්ට මුණ ගැසී තිබේ. එම ප‍්‍රවාද තොරතුරු අනුව ගව රාක්ෂයාගේ ස්වරූපය පැහැදිලිව හඳුනාගෙන තිබේ.

කෙසේ නමුත් අදටත් සමනල අඩවියට ගව රාක්ෂයාගේ භූත ආත්මයේ බලපෑම තිබේ. විශේෂයෙන් ගවරගිරියේ මැණික් නිධන් සෙවීම ගවර භූත ආත්මය ඇති කල්ම පහසු කාර්යයක් නොවනු ඇත.

තවදුරටත් ගත් විට එදා සමනළ අඩවියේ පූර්ණ පාලන බලය තිබී ඇත්තේ මරිචි නම් රාක්ෂයාටය. මරිචිගේ භූගත මාළිගාවක් බෑන සමනලයේ තිබෙන බව ආචාර්ය මිරැුන්ඩෝ සඳහන් කරයි. මෙය කන්දට යටින් නොව කන්ද අභ්‍යන්තරයේ ඇති බව පිළිගන්නා දෙයකි.

කුණුදිය පර්වතය නම් පැරැුණි ගිනි කන්දත් සමග තවත් ගිනි කඳු මෙරට තිබෙන්නට ඇතැයි සැක පහළ කළ හැකිය. කෙසේ වෙතත් ලංකාවේ ගිනි කඳු තිබුණා යන පණිවුඩය ලෝක ඉතිහාසය පැත්තෙන්ද නව මතවාදයකි. විශේෂයෙන් ගිනි  කඳු පිළිබඳ පර්යේෂකයන්ටද අලූත් මග පෙන්වීමකි.
අවුරුදු 7500 කට එහා ලංකාවේ ඉතිහාසය ගොඩ ගන්නට කුණුදිය කන්ද අපූරු තැනෙකි. විද්‍යාඥයින්ට එහි ගොස් පර්යේෂණ ඇසුරින්ම මෙහි ඇත්ත නැත්ත තහවුරු කර ගන්නට හැකියාව තිබේ.

එදා පටන්ම කුණුදිය කන්ද පාමුල ජනාවාස නොවීය. පැරණි ජනාවාස කිසිවක් එම කඳු මුදුන් යටින් හමු නොවන්නේ මේ ගිනි කඳු බලපෑම නිසා බව මිරැුන්ඩෝ ඔබේසේකර මහතා සඳහන් කරයි.

ගවරගිරියේ පිහිටි මැණික් නිධානයට අමතරව මොරගහකන්ද ප‍්‍රදේශයම රාවණා යුගයේ ප‍්‍රධානතම නිධන් පිහිටි සීමාවකි. පැරැුණි පොත්වල සඳහන් වන ආකාරයට මොරගහකන්දේ රත්රන් පලතුරු බන්දේසියක් තිබී ඇත. කෙසෙල් ඇවරි, තැඹිලි කුරුම්බා, බෙලි මේ සියල්ල රනින් සාදා නිධන් කර තිබී ඇත.

ඒවාට අමතරව මොර ගෙඩි ප‍්‍රමාණයේ රත්රන් ගුලි ලක්ෂ ගාණක් මෙහි නිධන් කොට ඇත. රත්රන් මෙසේ නිධන් කරවූයේ රාවණ රජුට අවශ්‍ය වේලාවට ගැනීම සඳහාය. මෙසේ නිධන් කිරීම එකල බැංකු ක‍්‍රමයේ ලක්ෂණයකි. ගවරගිරිය මැණික් බැංකුව වෙද්දී මොරගහකන්ද රත්රන් බැංකුව වෙන්නේ මෙසේය. තවත් පැත්තකින් මොරගහකන්දට යාම සඳහා ලංකාවේ සිවු දෙසින්ම පොළොව යට උමං මාර්ග හතරක් තිබිණි.

දැනට ඉදිවන මොරගහකන්ද ව්‍යාපෘතිය හරහා අවට දිස්ත‍්‍රික්ක ගණනාවකට සුවිසල් බලපෑමක් වනු ඇතැයි ආචාර්ය මිරැුන්ඩෝ අනාවැකි ගෙනෙයි. ඉතිහාස තොරතුරු ඔස්සේ ඉදිරියට යද්දී රාවණ සමය රනින්ද මැණික්වලින්ද ආඩ්‍ය වූ සමයක් බව විශ්වාස කළ හැකිය.
රාවණ රජ කාලයේ තවත් පැත්තකට හැරෙමු.

එකල කෙනෙක් මිය ගිය විට අද මෙන් පෙට්ටිවල දමා වළදැමීමක් තිබී නැත. රාජකීයයෙක් මළද සාමාන්‍ය අයෙකු මළද එකම පිළිවෙළකට ආදාහනය කර තිබේ. දේහය රෙද්දක් ඔතා පසුව එය ගින්නට දමා අලූ කරවා තිබේ. එම මිනී අළු (භස්මාවශේෂ* මැටි භාජනවල බහා නැවත පොළොවෙහි නිධන් කරවා ඇත. ආචාර්ය මිරැුන්ඩෝ සඳහන් කරන පරිදි ඉබ්බන්කටුව ප‍්‍රාග් ඓතිහාසික සුසානය මෙවැන්නකි.

රාවණ යුගයේදී රට පුරා මෙවැනි සුසාන තිබෙන්නට ඇත. එක්කෝ භූ විෂමතා ලක්ෂණ නාය යෑම් භූකම්පන ආදිය නිසා පොළොවට තව තවත් වැසී යන්නට ඇත.

එකල කුඹල් කර්මාන්තය ඉතා විශිෂ්ටව පැවැති බවද ඉතා පැහැදිලි කාරණයකි. අවුරුදු දහස් ගණනක් එහා නටබුන් ගොඩ ගන්නා කල මැටි භාණ්ඩ වල වෙනස් වූ හැඩ තලයන් ඇති භාණ්ඩ කොටස් අපට හමුවේ. අවුරුදු 7500 කට එහා තිබුණු විශිෂ්ට කුඹල් කර්මාන්තය මේ ඔස්සේ අපිට තවත් ගොඩ ගත හැකිය. ආදී මානවයෝ පස් හාරා ජලය මිශ‍්‍රකොට මැටියෙන් නිෂ්පාදන කිරීම ගැන මනා අවබෝධයක් තිබුණු අය බව අද පර්යේෂණවලින් තහවුරු වී තිබේ.

මරණයක් සිදු වුවද මිනී අළු බහාලූයේ එවැනි මැටි මුට්ටි වලය. අපේ රටේ පොළොව හාරා ගියොත් ශ්‍රේෂ්ඨ රාවණ ඉතිහාසය සහමුලින්ම ස්ථාවර කර ගත හැකි බව ආචාර්ය මිරැුන්ඩෝගේ අදහසය.

රාවණ රජතුමාගේ අග බිසොව මන්දෝදරී බිසව හැටියට සඳහන් වේ. රාවණට ඇයව හමුවී ඇත්තේ දඩයමට ගිය විටකය. රාවණ ඇයට ආදරයෙන් බැඳී ඇත. රාවණ හා මන්දෝදරීගේ සම්බන්ධතාවය බිඳින්නට මන්දෝදරීගේ පියා වූ මයදානව කටයුතු කර නැත. පසුව රාජකීය උත්සවයක් පවත්වා ඔවුන්ගේ විවාහය පවත්වා තිබේ.

එකල අවමංගල චාරිත‍්‍රය එකම ආකාරයට සුළු සුළු වෙනස් කම් සහිතව සිද්ධ කෙරුණත් විවාහ චාරිත‍්‍රවලදී රාජකීය විවාහ තුළ විශේෂ ලක්ෂණ දකින්නට තිබේ.

රාජකීය විවාහ උත්සව සියලූ පාර්ශ්ව කැඳවා උත්සවාකාරයෙන් නෑ සංග‍්‍රහ පවත්වා දින කීපයක් මුළුල්ලේ සිද්ධ වී තිබේ. රාවණ රජු මන්දෝදරීව විවාහ කරගත්තේද එවැනි විශේෂ උත්සව ලීලාවෙනි.

(යක්ෂ නාග රාක්ෂ ගන්ධබ්බ* ආදී සාමාන්‍ය පන්තියේ පවුල් වල අය උත්සව නොපවත්වා විවාහ වීම් සිද්ධ කෙරී තිබේ. එනම් තමන් කැමැති සහකාරිය සහකාරයාගේ ගෙට කැන්දාගෙන ඒමයි. මේවා වැඩිහිටියන් දැනුවත්ව හෝ නොදැනුවත්ව සිදුවන්නට ඇත. නමුත් අද ලාංකීය සංස්කෘතිය අනුව මෙකී විවාහ සිරිත පහත් මට්ටමේ එකකි. අද සමහරු මෙයටම පැන ගියා යැයි කියති. එකල වැඩි වශයෙන් පැවැතී ඇත්තේ මෙකී විවාහයන්ය.

ඉහත දක්වන ලද තොරතුරු අනුව රාවණ යුගය දියුණු මෙන්ම සමහර තැන්හි යම් යම් අඩු ලූහුඬුතාද දක්වන පරිච්ෙඡ්දයකි. ඉබ්බන්කටුව පුරාණ සුසානයෙන් ඔබ්බට තවත් මෙවැනි සුසාන රාශියක් මේ පොළොවේ වැළලී තිබේ. දියුණු ශිෂ්ටාචාරයක දියුණු මිනිසුන්ගේ නාගරික ලක්ෂණ සීගිරිය, ඉබ්බන්කටුව, හස්තිශෛලපුර, මාතලේ, ලග්ගල මහ පොළොව යට හාරා ගියොත් මුණගැසේ. එම විචිත‍්‍රවත් ඉතිහාසය සොයා ගැනීමේ ළදරු අවධිය තවමත් අපට ගතවේ. එහි තාරුණ්‍ය උදාවන දිනෙක ”රාවණ රජු” ලංකා ඉතිහාසයේ ”මහා රජු” යන කිරුළ දෙන්නට කවුරු කවුරුත් පෝලිම් ගැසෙනු ඇත.- Mirendo Abeysekara

ඔබගේ අදහස අපට කියන්න

Close