කරුණා අම්මාන් රිමාන්ඩ්

රජයේ වාහන අවභාවිතා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන විනයාගමූර්ති මුරලිදරන් නොහොත් කරුණා අම්මාන් දෙසැම්බර් 7 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ සැකකරු කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුවයි.
කරුණා අම්මාන් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අද පෙරවරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ ප්‍රකාශයක් ලබා දීමට කොළඹ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණි අවස්ථාවේදීයි.
කරුණා අම්මාන් එල් ටී ටී ඊ සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ නායකයා ලෙස දීර්ඝ කාලයක් කටයුතු කළ අතර පසුගිය රජය සමයේ නිදහස් පක්ෂ උප සභාපතිවරයා ලෙසද කටයුතු කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close