කොලොම්බියානු ගුවන් අනතුරින් පාපන්දු කණ්ඩායමක් සමග 76ක් මරුට

බ්‍රසීල පාපන්දු කණ්ඩායමක් රැගත් ගුවන් යානයක් කොලොම්බියාවේදී අනතුරට පත්වීමෙන් 76 දෙනකු මිය ගොස් තිබෙනවා.
යානය අනතුරට පත්වන අවස්ථාවේ බ්‍රසීල ක්‍රීඩා සමාජයකට අයත්පාපන්දු කණ්ඩායමක ක්‍රීඩකයින් 21 දෙනකු හා ගුවන් මගීන් 81ක් එහි සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ගුවන් යානයේ ඇතිවූ කාර්මික දෝශයක් නිසා මෙම අනතුර සිදුව ඇති බවට සැක පළ වනවා. අනතුරට පත් ගුවන් යානය බොලිවියාවේ සිට කොලොම්බියාව බලා පියාසර කරමින් තිබූ බවයි පැවසෙන්නේ.
සිද්ධියෙන් 6 දෙනකු ජීවිත බේරා ගැනීමට සමත් වුණා.
ඒ අතරට පාපන්දු කණ්ඩායමේ සාමාජිකයින් 3ක් ගුවන් නියමුවන් දෙදනකු හා එක් මාධ්‍යවේදියකු ඇතුලත්.
අනතුරින් මාධ්‍යවේදීන් 21 දෙනකුද මිය ගොස් ඇති බවයි අනාවරණ වන්නේ.

ඔබගේ අදහස අපට කියන්න

Close