බුද්ධිකට ශත 50ක වන්දියක් / මුද්දර ගාස්තුව රුපියල් පනහයි

දක්ෂින අධිවේගී මාර්ගය වෙනුවෙන් පවරා ගත් ඉඩම්වලට අදාළව තමන්ට ශත 50ක වන්දියක් ගෙවීම සදහා රුපියල් 50ක මුද්දර ගාස්තුවක් ගෙවන ලෙස දන්වා ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසනවා. මන්ත්‍රීවරයා ඒ පිළිබද පාර්ලිමේන්තුවේ අදහස් පල කළේ මෙලෙසයි.

මගේ තාත්තා නැතිවුණේ මැයි 30 වැනිදා. දැන් තුන්මාසේ දානෙත් දීලා ඉවරයි. තාත්තටයි, මටයි නංගිටයි දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර-හම්බන්තොට දිගුවට අදාළ වන්දි මුදල් ප්‍රදානයක් සම්බන්ධයෙන් ලිපි තුනක් ලැබුණා.
ලියාපදිංචි තැපෑලෙන් එවපු මේ ලිපි එවලා තියෙන්නේ තිහගොඩ ප්‍රාදේශීය ‍ලේකම්වරයා. තාත්තට එවපු ලිපියේ රුපියල් එකයි පනහක වන්දිය ගන්න රුපියල් විසි පහේ මුද්දර දෙකකුත් අරගෙන එන්න කියලා තියෙනවා. මටයි නංගිටයි ශත පනහ ගණනේ වන්දි තියෙනවා. ඒවාටත් අර රුපියල් විසි පහේ මුද්දර දෙක ගානේ අරන් එන්න කියලා දන්වලා තියෙනවා.

තාත්තාට ලැබෙන වන්දි මුදල රුපියල් එකයි පනහයි. ඒ ලිපිය ලියාපදිංචි තැපෑලෙන් එවන්න මුද්දර ලියුම්කවර සහ අනෙකුත් වියදම් එක්ක තිහගොඩ ප්‍රාදේශීය ‍ලේකම් කාර්යාලය රුපියල් 37ක් වගේ වැය කරලා තියෙනවා.
එහෙම වැය කරලා ආපහු එකයි පනහ ගන්න තාත්තා රුපියල් විසි පහේ මුද්දර දෙකක් අරන් යන්න ඕන. ඒ කියන්නේ රජයට රුපියල් පනහක් දෙන්න ඕන. තාත්තා දැන් නෑ. අළු ටික තමයි අරගෙන යන්න වෙන්නේ. මම ශත පනහක් ගන්න රුපියල් පනහක මුද්දර අරගෙන යන්න ඕන. කීයක් හරි ලැබුණා නම් තාත්තට පින් පිණිස කියලා පන්සලක පින් කැටේකට දාන්න හරි ගේන්න යන්න තිබුණා. මම අද (28) මේ කතාව කියලා පාර්ලිමේන්තු ලොබියේ ඉන්න කොට මැති ඇමැතිවරු මට විහිළු කරන්න ගත්තා. රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා මගෙන් ඇහුවා යූ.ඇන්.පී. එකට බුද්ධික වටින්නේ ශත පනහද කියලා

ඔබගේ අදහස අපට කියන්න

Close