ලක්ෂ 40,000 චෙක්පත ගැන මහින්ද පරීක්ෂණයක් ඉල්ලයි

2015 ජනාධිපතිවරණයට පෙර දිනයේ මහා භාණ්ඩාගාරය රුපියල් ලක්ෂ 40,000 ක චෙක්පතක් මාතර නිල්වලා යෝජනා ක්‍රමය වෙනුවෙන් නිකුත් කර ඇත්නම් වහාම ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලීමක් කර තිඛෙනවා. රාජපක්ෂ මහතා රජයෙන් මෙම ඉල්ලීම සිදුකර ඇත්තේ අදාළ මුදල අතුරුදන්වීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ අනාවරණයෙන් පසුවයි.චීනයේ බීජිං නුවරදී අදහස් දක්වමින් මහින්ද රාජපක්ෂ මහතා පවසන්නේ ඉකුත් ජනාධිපතිවරණයේ තීරණාත්මක අවධියේ තමන් අමාත්‍යාංශවල කටයුතු පිළිබඳව අවධානය යොමු නොකළ බවයි.
එහිදී කිසිවකු විසින් එවන් අක්‍රමිකතාවයක් සිදුකර ඇත්කම් වහාම ඒ පිළිබද සොයා බලා වරදකරුවන් වෙතොත් දඩුවම් ලබාදිය යුතු බවද හිටපු ජනාධිපතිවරයා ඉල්ලීමක් කර තිඛෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ගාල්ලේ දී පැවැති නිදහස් පක්ෂ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනකට එක්වෙමින් 2015 ජනපතිවරණයට පෙර දිනයේ මහා භාණ්ඩාගාරය ලක්ෂ 40,000 ක ක චෙක්පතක් නිල්වලා ව්‍යාපෘතියට නිකුත් කර ඇතැයි අනාවරණ කළා.

කවරකු හෝ මෙවැන්නක් කර තිබේ නම් එය කාගේ නියෝගයෙන් සිදු කළේ දැයි යන්න අනාවරණය කරගෙන ඒ පිළිබඳව ඉදිරි පියවර ගැනීම රජයේ වගකීමක් බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහි දී අවධාරණය කර තිඛෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close