හිටපු මහ බැංකු අධිපතිගේ බෑණාගේ සමාගම ගැන මහබැංකුවෙන් තීරණයක්

ආන්දෝලනාත්මක බැදුම්කර ගණුදෙනුවට සම්බන්ධ පර්පචුවල් ට්‍රෙෂරීස් ආයතනය සම්බන්ධයෙන් තීරණයක් ගෙන ඇති බව මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අද අනාවරණ කළා.
ඒ කොලඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
දැනට සිදුකෙරෙන පරීක්ෂණවලට අදාළව සංවේදි විය හැකි බැවින් ඒ පිළිබඳ තොරතුරු මේ මොහොතේ මාධ්‍යට ප්‍රකාශ කළ නොහැකි බවයි අධිපතිවරයා කියා සිටියේ.
නොවැම්බර් 07 සහ 25 යන දෙදින තුළ රැස්වූ මුදල් මණ්ඩලය අදාල සමාගම සම්බන්ධයෙන් මෙම තීරණයට එළඹ තිබෙනවා.

රාජ්‍ය සුරැකුම්පත් ද්විතීයික වෙළෙඳපළ කටයුතු සඳහා සේවක අර්ථ සාධක අරමුදල සහභාගිවීම 2016 ඔක්තෝම්බර් අවසානයේ සිට අත්හිටුවා ඇති බව ද මහබැංකු අධිපතිවරයා මෙහිදී සිහිපත් පැවසුවා.

ආන්දෝලනයට තුඩුදුන් බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් පැවැත්වෙන පරීක්ෂණ කටයුතු අවසන් වනතෙක් මෙම තීරණය ක්‍රියාත්මක වන බවයි මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වැඩිදුරටත් සදහන් කළේ.

ඔබගේ අදහස අපට කියන්න

Close