ඉන්දීය ජාතික ගීය අනිවාර්ය කෙරේ

ඉන්දිය ජාතික කොඩියේ රූපයක්ද සහිත ජාතික ගීය රටේ සෑම සිනමාහලකම දර්ශනවාරයක් ආරම්භවීමට පෙර වාදනයවීමට අනිවාර්ය කරමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයක් නිකුත් කර තිඛෙනවා.

ඊට සියලු දෙනා නැගී සිට අනුගත විය යුතු බව මෙහිදී ප්‍රකාශවී තිඛෙනවා.

ජනතාව තම පෞද්ගලික නිදහස පිලිබඳ අභිමතය පරිදි කටයුතු කිරීම නවතා දේශප්‍රේමී හැඟීමෙන් යුතුව කටයුතු කළයුතු බවද එම නියෝගයේ දැක්වනවා.

කෙසේ වෙතත් ජාතික ගීය වෙනුවෙන් නැගිට සිටීම අනිවාර්ය නොවන බව පසුගිය වසරේ ඉන්දියානු අධිකරණයක් තීන්දු කළා.
එහෙත් ඒ සම්බන්ධයෙන් ඉන්දියාවේ විවිධ ප්‍රාන්තවල විවිධ තත්ත්වයන් ක්‍රියාත්මක වනු ලබනවා.

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න