මුහුදු රළ මීටර් 3ක් උස්විය හැකියි/ උතුරු නැගෙනහිර වෙරළබඩ ජනතාවට අනතුරු ඇගවීමක්

මේ වන විට බෙංගාල බොක්ක කලාපයේ පවතින නාඩා සුලි කුණාටුව හේතුවෙන් මෙරට උතුරු නැගෙනහිර වෙරළබඩ කලාපයට උදම් රළ තත්ත්වයක් ඇතිවිය හැකි බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කළේ මේ හේතුවෙන් මුහුදු රළ මීටර් 3ක් දක්වා ඉහල යාමේ අවධානමක් පවතින බවයි. එබැවින් උතුරු නැගෙනහිර මුහුදු තීරය භාවිතයෙන් වලකින ලෙසයි ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේ.

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න