ජාතික රෝහලේ හදවත් සැත්කම් 6කදී 4ක්ම මිය ගිහින්

කොළඹ ජාතික රෝහ‍ලේ හෘද ඒකකයේ ස්ටෙන්ට් ඇතුළු කිරීමේ  හදවත් සැත්කම්වලට ලක් කෙරුණු රෝගීන් හය දෙනාගෙන් හතර දෙනකු ඊයේ දහවල් වන විට මිය යාම සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි තොරතුරු වාර්තාවනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ මෙහෙයවීමෙන් මෙම පරීක්ෂනය පැවැත්වෙන බවයි අදාළ ආරංචි මාර්ග අනාවරණ කරන්නේ.

හෘදයේ රුධිර නාළවල සිදුවන අවහිරතා ඉවත් කිරීම සඳහා හෘදයේ රුධිර නාළ තුළට සියුම් සැත්කමක් මගින් මෙලෙස ස්ටෙන්ට් උපකරණ ඇතුලු කිරීම සිදුකරනු ලබනවා.
එම සැත්කම් සදහා වන ස්ටෙන්ට් උපකරණ නොමිලේම ලබාදීමටයි රජය පසුගියදා තීරණය කරනු ලැබුවේ.

මෙවැනි සැත්කම් ගණනාවක් ෙදෙනිකව මෙරට ප්‍රධාන රෝහල් තුළ සිදු කෙරුණද වැඩිම රෝගීන් ගණනක් එකම දිනයකදී මිය ගිය අවස්ථාව ලෙසයි මෙය වාර්තාවන්නේ.

වෛද්‍ය ආරංචි මාර්ගවලට අනුව මෙම රෝගීන් යම් අසාත්මිකතාවකට ලක්ව ඇති බවට සැකකෙරෙනවා.

ස්ටෙන්ට් ඇතුළු කිරීමට පෙර හෘදයේ රුධිර නාළවල සිදුව ඇති අවහිරතා හඳුනා ගැනීම සඳහා භාවිත කෙරෙන වර්ණක  විශේෂය ඊට මුල්ව ඇති බවයි පැවසෙන්නේ.

එදිනම සැත්කම්වලට ලක්කළ තවත් රෝගීන් දෙදනකු දැඩි ආසාත්මිකතාවයකට ලක්ව තිබුණද ඔවුගේ ජීවිත ඛේරා ගැනීමට වෛද්‍යවරුන් සමත්ව තිබුණා.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close