ත්‍රස්තවාදී ඩෝණ වනසන සුපිරි ලේසර් අවියක් බිහිවෙයි

කුඩා ප්‍රමාණයේ ඩ්‍රෝණ යානාවන් යොදා ගනිමින් එල්ල කළ හැකි ත්‍රස්ත ප්‍රහාර වැලැක්වීම වෙනුවෙන් නවතම අවියක් හදුන්වා දී තිඛෙනවා.
ලේසර් බලයෙන් ක්‍රියාත්මක වන මෙම අවිය නිර්මාණය කර ඇත්තේ ඔස්ටේ්‍රලියානු පර්යේෂකයින් පිරිසක්. පසුගිය සමයේ ඉරාකයේ අමෙරිකානු හමුදාවන්ට අත් බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සදහා අයි එස් සාමාජිකයින් ඩ්‍රෝණ යානා භාවිතා කර තිබුණා.
මෙම අවිය මගින් එවන් අවස්ථාවන් අහිමි කිරීම මෙන්ම තවත් වාසි රැසක් අත් කර ගැනීමටයි හැකියාව පවතින්නේ.

The DroneGun is a signal-jamming rifle capable of taking out an Unmanned Aerial Vehicle (UAV) from 1.2 miles (2km ) away

යම් ඩ්‍රෝණ යානයක් තහනම් කලාපයකට පිවිසෙන්නේ නම් සැතපුමකට ආසන්න දුරකදී එය අක්‍රීය කිරීමට මෙම අවියෙන් අවස්ථාව හිමිවනවා.
එපමණක් නොව ඩොණ යානයෙන් ලබාදෙන ජායාරූප හා වීඩියෝ අපැහැදිලි කර විකාශනයට බාධා කිරීම / එය ගුවන් ගත කළ තැනැත්තාගේ ග්‍රහණයෙන් මුදවා යානයේ පාලනය අතට ගැනීම මෙන්ම ආරක්ෂිතව අවශ්‍ය ස්ථානයකට ගොඩබස්වා ගැනීමටද මෙයින් අවස්ථාව හිමිවනවා.The DroneGun will block video transmission back to the pilot and the drone's GPS, halting any chance for the pilot to regain control
මේ සමගම ඩ්‍රෝණ මගින් සිදුකරන ත්‍රස්ත ක්‍රියා හා අපරාධ වැලැක්වීමට විශේෂ දායකත්වයක් හිමිවනු ඇති.
මේ එම අපූරු අවිය ක්‍රියාත්මක වන ආකාරයයි.

ඔබගේ අදහස අපට කියන්න

Close