පැයට කිලෝමීටර 58,000ක දුරක් යන විශ්මිත යානය

මිනිසා අධික වේගයෙන් දියුණුව කරා යමින් සිටිනවා. එහිදී වේගවත් රථ වාහන කෙරෙහිද මිනිසුන් දක්වන්නේ වැඩි කැමැත්තක්. කෙසේ වෙතත් එම රථ වාහන සදහා නිශ්චිත වේග සීමාවන් පවතිනවා. අප සාමාන්‍ය මාර්ගයක නම් කිලෝමීටර 50-60 සීමාවට එපිටින් ගමන් නොකරන්නේ එය අභිබවා යාමට විවිධ බාධා පැවතීම නිසයි. කෙසේ වෙතත් මිනිසා විශ්වය ජය ගැනීම සදහා ආලෝක වර්ෂ වේගය හඹා යමින් සිටියද අද වන විට ඊට ලගාවීමට හෝ අප අසමත්ව සිටිනවා.
එහෙත් තත්ත්පරයකදී කිලෝමීටර 16 ක් ගමන් කරන යානයක් ඇතැයි පැවසුවහොත් ඇතැම් විට ඔබ එය විශ්වාස නොකරනු ඇති.
එහෙත් එය සත්‍යයක්.


නාසා ආයතනය විසින් ප්ලූටෝ ග්‍රහයා සම්බන්ධයෙන් සෙවීම සදහා යොමුකළ නිව් හොරයිසන් අභ්‍යාවකාශ යානය තත්ත්පරයකට කිලෝමීටර් 16ක වේගයෙන් ගමන් ගනු ලබනවා.
උදාහරණයක් ලෙස පවසන්නේ නම් කොලඹ කොටුවේ සිට මොරටුව දක්වා තත්ත්පරයකින් ගමන් කිරීම ඊට සමාන වනවා.
මෙතෙක් මිනිසා විසින් තැනූ වේගවත්ම යානය වන මෙය පැයකට කිලෝමීටර් 58,000 ක් ගමන් කිරීම විශේෂත්වයක්.
2006 වසරේ ජනවාරි 19 වනදා කේප් කැනවරල් තුඩුවෙන් යානය ගුවන් ගත කෙරුණා .
මෙම යානය 2019 වසර දක්වා අභ්‍යාවකාශයේ විවිධ ඉලක්ක පසු කරමින් ගමන් ගන්නා අතර 2019 වසරේදී සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත සූර්්‍යයකු ආසන්නයට ගමන් කිරීමට නියමිතයි.

ඔබගේ අදහස අපට කියන්න

Close