පිලිපීන ජනපතිගේ රථ පෙලට බෝම්බ ප්‍රහාරයක්

පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටාර්ටේගේ රථ පෙලකට බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිඛෙනවා.

මෙම රථ පෙළේ ජනාධිපති ආරක්ෂකයන් හත් දෙනෙකුද සිට ඇති අතර, තවත් හමුදා සාමාජිකයන් දෙදෙනෙකු මෙන්ම, ඩුටාර්ටේගේ මාධ්‍ය කණ්ඩායමද එම රථ පෙළේ ගමන් කර ඇති බවයි පැවසෙන්නේ.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස් ක්ෂණිකව ගුවන් මගින් රෝහල් වෙත යොමුකර ඇති අතර, ප්‍රහාරයෙන් ජනාධිපති මාධ්‍ය අංශයේ නිලදාරීන්ට හානියක් සිදුව නැහැ.

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරයත් සමග ජනාධිපතිවරයාගේ සංචාරය අවලංගු කරන ලෙස හමුදාව උපදෙස් ලබාදී ඇති අතර, තත්ත්වය පාලනය කිරීම සඳහා අමතර බලඇණි යොදවා ඇති බවද පිලිපීන වාර්තා ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්පිලිපීන ජනාධිපති රොඩ්‍රිගෝ ඩුටාර්ටේ එම උපදෙස් පිලිගෙන නැහැ.

“මම ඒ ආරක්ෂක උපදෙස් කල් දැමුවා. මා එහි යා යුතුයි. ඒ වගේම, බොහෝ විට ඒ ප්‍රහාරය එල්ල වූ මාර්ගයේම විය හැකියි. සමහර විට අපට පොඩි වෙඩි හුවමාරුවකට මැදිවෙන්න වෙයි. එච්චරයි..” නාහෙට නාහන ජනාධිපතිවරයෙකු ලෙස ප්‍රකට ඩුටාර්ටේ එසේ පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

 

ඔබගේ අදහස අපට කියන්න

Close