ශීරන්තිගේ සංචාරවල දවසක බිල ලක්ෂ 45යි

2015 වසරේ ජනවාරි 8 වැනිදා පැවැති ජනපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙමින් පවතින අවස්ථාවේ එවක විදේශ කටයුතු අමාත්‍යාංශයේ සේවය කළ ඇතැම් නිලධාරින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එවකට පදිංචිව සිටි අරලිය ගහ මන්දිරය වෙත පැමිණ සිටි බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණ කළා.

ස්වාධීන නිලධාරීන් වශයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට එසේ කටයුතු කිරීමට හැකියාවක් නොමැති බවයි මන්ත්‍රීවරයා පැවසුවේ. එබැවින් එම නිලධාරීන් කවුරුන්දැයි රටට හෙළිකළ යුතු බවද මන්ත්‍රීවරයා සදහන් කළා.

පසුගිය ජනාධිපතිවරණ දින රාත්‍රියේ හිටපු නීතිපතිවරයා හා ආරක්ෂක ප්‍රධානීන් රැසක්ද මේ සදහා සම්බන්ධව සිටි බවයි මීට පෙර අනාවරණ කෙරුණේ.
මේ අතර හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ඇතැම් විදේශ සංචාරයන්හි දිනක හෝටල් ගාස්තු ලක්ෂ 45ක් ගෙස සටහන්වී තිබූ බවයි මන්ත්‍රීවරයා සදහන් කළේ. එම බිල් විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් ගෙවා ඇති බවත් ඔහු පාර්ලිමේන්තුවට අනාවරණ කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close