2004 සුනාමියට මුල්වූ සුමාත්‍රාව ගැන විද්‍යාඥයන් අනතුරු අගවයි

2004 වසරේ ශ්‍රී ලංකාව ඇතුලු රටවල් ගණනාවකට බිහිසුණු බලපෑම් එල්ල කළ සුනාමියට මුල්වූ ඉන්දුනීසියාවේ සුමාත්‍රා කලාපයේ තවත් බිහිසුණු භූ කම්පන හටගත හැකි බව විද්‍යාඥයන් පිරිසක් අනාවරණ කර තිඛෙනවා.
ඔස්ටේ්‍රලියානු ජාතික සරසවියේ ආචාර්ය ජොනතන් පව්නල් ඇතුලු පර්යේෂකයින් පෙන්වා දෙන්නේ පෘථවියේ පවතින දැවැන්තම භූ පැලුම් ඉන්දුනීසියාවේ සුමාත්‍රා හී බන්ඩා අචේ කලාපයේ පවතින බවයි.
එය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 7ක් ගැඹුරින් පිහිටා තිඛෙනවා.

Geologists have for the first time seen and documented the Banda Detachment fault in eastern Indonesia - and worked out how it formed.

මෙම පර්යේෂණයට දායක වූ ලන්ඩන් සරසවියේ පර්යේෂකයින් අනාවරණ කරන්නේ සුමාත්‍රා මුහුදු අභ්‍යන්තරයේ භූ පැලුම් සිය ගණනකට අධික ප්‍රමාණයක් පවතින බවයි.
එහි ඇතැම් කලාපවල භූ පැලුම් කිලෝමීටර 120ක් වැනි විශාල දුරක් දක්වා වර්ධනය වී ඇති බවද ඔවුන් අනාවරණ කරනවා.

Geologists have for the first time seen and documented the Banda Detachment fault in eastern Indonesia - and worked out how it formed.
ඒ අනුව වර්ග කිලෝමීටර 60,000 ක ප්‍රමාණයක කොටසක් භූ පැලුම් තුලින් ප්‍රධාන භූ තැටියෙන් වෙන්වී පවතින බවද පර්යේෂකයින් අනාවරණ කළා.
පවත්නා තත්ත්වය තුල ඉන්දුනීසියාවේ සුමාත්‍රා කලාපය ආසන්නයේ තවදුරටත් බිහිසුණු භූ කම්පන සමග නිරන්තර සුනාමි තත්ත්වයන් හට ගත හැකි බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.
කෙසේ වෙතත් මෙම පර්යේෂණවලදී සොයාගත් කරුණු අනුව භූ කම්පන හා ප්‍රබල සුනාමි තත්ත්වයන් ඇතිවීමට පෙර පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කිරීමේ හැකියාව වර්ධනය වන බව එහි දැක්වෙනවා.
2004 වසරේ සුමාතාවේ හටගත් ඒකක 8යි දශම 9ක භූ කම්පනයෙන් ආසියාවේ ලක්ෂ 3 කට ආසන්න පිරිසක් මිය ගියා. ශ්‍රී ලංකාවේ මිය ගිය හා අතුරුදන්වූ පිරිස හතලිස් දහසකට ආසන්නයි.

ඔබගේ අදහස අපට කියන්න

Close