අද සිට ඩීසල් මිල රුපියල් 2කින් ඉහලට

ඩීසල් වර්ග දෙකක මිල ලීටරයක් රුපියල් 02 කින් ඉහළ දැමීමට ඉන්දියන් ඔයිල් සමාගම පියවර ගෙන තිඛෙනවා.

අද සිට මෙම මිල වැඩිවීම ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

ඛනිජ තෙල් අපනයනය කරන රටවල සංවිධානය හෙවත් ඔපෙක් සංවිධානය විසින් තෙල් සැපයුම දිනකට තෙල් බැරල් මිලියන 1.2ක් කපා හැරීමට ඊයේ තීරණය කිරීමත් සමග බොරතෙල් මිලෙහි ඉහළ යෑමක් ද සිදුව තිඛෙනවා.

ඔපෙක් සංවිධානයට අයත් රටවල් තෙල් බැරල් මිලියන 33ග64 ක් දිනකට සපයන අතරල ඔවුන් මෙම නව එකඟත්වයට අනුව දිනකට තෙල් බැරල් මිලියන 1.2ක් කපා හැරීමට පියවර ගනු ඇති.

ඒ අනුවල බොරතෙල් මිලෙහි සියයට 8 ක පමණ ඉහළ යෑමක් පෙන්නුම් කරන බව ජාත්‍යන්තර වාර්තා පැවසුවේ.

දිනෙන් දිනම ලෝකයේ බොරතෙල් මිල පහළ යෑම මේ ආකාරයෙන් තෙල් සැපයුම කපාහැරීමේ තීරණයට හේතුව බව ද සදහන්.
මේ වන විට ලෝක වෙළදපලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 52.67 තෙක් වර්ධනයවී තිඛෙනවා.
එය ඩොලර් 60ත් ඉහල නැංවීමට අපේක්ෂිතයි.

ඔබගේ අදහස අපට කියන්න

Close