අමෙරිකාවේ චන්ද්‍රිකාවලට ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට අනාවරණයක්

අමෙරිකාවේ සන්නිවේන චන්ද්‍රිකා ඕනෑම අවස්ථාවක චීනයේ හෝ රුසියාවේ ප්‍රහාරයකට ලක්වීමේ අවධානමක් පවතින බව එරට හමුදා ප්‍රධානියා අනාවරණ කර තිඛෙනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ ලෝකයේ බලවතා වීමේ අරගලය විසින් මෙම තත්ත්වය නිර්මාණය කර ඇති බවයි.
මේ වන විට රුසියාව හා චීනය අභ්‍යාවකාශය හරහා පහර දිය හැකි අවි නිර්මාණය කරමින් පවතින බවට තොරතුරු ලැබී ඇති බවයි අමෙරිකානු හමුදා ප්‍රධානියා පවසන්නේ.

Military strategists fear that Russia and China are developing special satellites which will sneak up on US hardware and destroy it in space leaving the earth vulnerable 
මෙම තත්ත්වය තුල පෘථවියේ සිට ඉහලින් අභ්‍යාවකාශයේ පවතින සියලු අමෙරිකානු චන්ද්‍රිකා අනාරක්ෂක බවටයි ප්‍රකාශවී ඇත්තේ.
යහ් හෙයකින් එවන් ප්‍රහාරයක් එල්ලවී අමෙරිකානු චන්ද්‍රිකා විනාශවුවහොත් එරට සන්නිවේදනය / ගුවන් ගමන් / ඇතුලු සියලු කටයුතු මොහොතකින් ව්‍යසනයකට ලක් වනු ඇති.
මෙය බිහිසුණු අවධානමක් බවද මෙහිදී අවධාරණය කර තිඛෙනවා.
කෙසේ වෙතත් පසුගියදා රුසියානු ජනාධිපති විලැද්මියර් පුටින් කියා සිටියේ රුසියාව කිසිදු පාර්ශවයකට පහරදීමේ සූදානමක් නොමැති බවයි.

ඔබගේ අදහස අපට කියන්න

Close