ජපන්නු ඒඩ්ස් රෝගයත් ජය ගනිති

ඒඩ්ස් රෝගය නිට්ටාවටම සුව කළ හැකි ආකාරයේ ෙඖධෂයක් පළමුවරට නිපදවීමට ජපාන වෛද්‍ය විද්‍යාඥයන් සමත්ව සිටිනවා.
මේ පිළිබද අනාවරණ කරමින් ජපානයේ බෝ නොවන රෝග සම්බන්ධ ඒකකයේ අධ්‍යක්ෂ  Anthony Fauci  මහතා පවසන්නේ ජපානයේ සාම්ප්‍රදායික වෛද්‍ය සායන ක්‍රම ඔස්සේ මෙම අත්හදා බැලීම සිදුකර ඇති බවයි.
එහිදී වසර 2ක් පුරා සිදුකළ පරීක්ෂණ අනුව ඒඩ්ස් වෛරසය ආසාදනය කළ වානරයින් 8 දෙනකු වෛරසයෙන් සම්පූර්ණයෙන්ම මිදී ඇති බවයි අනාවරණ කෙරෙන්නේ.

ඒ අනුව මෙම ක්‍රමවේදය මිනිසුන්ගේ භාවිතයට ගත හැකි ආකාරය පිළිබද සොයා බැලීමට කේම්බ්‍රිජ් හා මැසචුසෙට් සරසවි වල විද්‍යාඥයන් හා ඉදිරි පරීක්ෂණ සිදුකිරීමට නියමිතයි.

මෙමගින් ඒඩ්ස් රෝගීන්ට දැනට නිතිපතා ලබාදෙන ඛෙහෙත් සීමා කළ හැකි අතරම රෝගය මුලිනුපුටා දැමීමටද හැකි බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් මෙම කටයුතු ඒඩ්ස් රෝගීන් වෙනුවෙන් අත්හදා බැලීමෙන් පසු ලෝකය පුරා එම ප්‍රතිකාර කටයුතු ආරම්භ කිරීමට 2018 තෙක් කාලය ගත වනු ඇති බවටයි ප්‍රකාශ වන්නේ.

Dr Anthony Fauci has personally praised a trial of HIV drugs in monkeys - are rare personal endorsement for what he believes to be the closest we have come to a 'functional cure'

ඔබගේ අදහස අපට කියන්න

Close