නිලමේ ඇමතුම ගැන පොලිස්පතිගෙන් කරුණු විමසීමට යයි

සබරගමුවේ පැවැති පොලිස් දින සැමරුම් උත්සවයකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ලැබුණ දුරකතන ඇමතුම සම්බන්ධයෙන් කරුණු විමසන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඔහුට ඊයේ ලැබුණ මෙම දුරකතන ඇමතුමේදී පොලිස්පතිවරයාට ඇමතුම ලබාදුන් පුද්ගලයාට පොලිස්පතිවරයා ‘සර්’ යනුවෙන් අමතන අතර ඔහු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් පොලිස්පතිවරයා පවසන්නේ ‘නිලමේ’ අත්අඩංගුවට නොගන්නා ලෙසට තමන් පොලිස් මූල්‍ය අපරාධ ඒකකයේ අධ්‍යක්ෂවරයාට උපදෙස් දුන් බවත් අත්අඩංගුවට ගන්නේ නම් තමාව දැනුවත් කරන බවත්ය.

එම සිදුවීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක මහතා රජයෙන් පැහැදිලි කිරීමක් ඉල්ලා සිටියා.
ඊට රජය වෙනුවෙන් ජනාධිපතිවරයා මෙසේ පිළිතුරු ලබාදුන්නා.

ඔබගේ අදහස අපට කියන්න

Close