වසරේ ජනතාවගේ ක්‍රීඩකයා දිල්ෂාන් / තුන්ඉරියව් එක්දින ක්‍රීඩකයා මැතිවුස්

2016 වසරේ ජනතාවගේ ක්‍රීඩකයා බවට පත්වීමට ක්‍රීකට් ක්‍රීඩක තිලකරත්න දිල්ෂාන් සමත්වුණා. ඒ ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උලෙළේදීයි. එහි ප්‍රධාන ආරාධිතය බවට පත්වූයේ හිටපු පාකිස්ථාන සුපිරි ක්‍රීඩක වසීම් අක්‍රම්. මේ එහිදී පිරිනැමූ සම්මාන ලයිස්තුවයි.

වසරේ ජාත්‍යන්තර විනිසුරු – රුචිර පල්ලියගුරුගේ

වසරේ ජාත්‍යන්තර තරග විස්තර විචාරක – රසල් ආනල්ඩ්

වසරේ විස්සයි20 පන්දු යවන්නා – ලසිත් මාලිංග

වසරේ විස්සයි20 පිතිකරු – තිලකරත්න ඩිල්ෂාන්

වසරේ එක්දින තුන්ඉරියව් ක්‍රීඩකයා – ඇන්ජලෝ මැතිව්ස්

එක්දින පන්දු යවන්නා- ලසිත් මාලිංග

වසරේ එක්දින පිතිකරු – කුමාර් සංගක්කාර

වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා – රංගන හේරත්

වසරේ ටෙස්ට් පිතිකරු – දිනේෂ් චන්දිමාල්

වසරේ නැගී එන ක්‍රිකට් ක්‍රීඩකයා – කුසල් මෙන්ඩිස්

වසරේ දක්ෂතම එක්දින පිතිකාරිනිය – චමරි අතපත්තු

වසරේ දක්ෂතම එක්දින පන්දු යවන්නිය- ඉනෝකා රණවීර

වසරේ දක්ෂතම එක්දින තුන්ඉරියව් කී‍්‍රඩිකාව – ශෂිකලා සිරිවර්ධන

ඔබගේ අදහස අපට කියන්න

Close