ඉන්දී්‍ය බැංකුවකට වරදියි / රියදුරකුගේ ගිණුමට කෝටි විසි දහසක් දාලා

ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේ රාජ්‍ය බැංකුවක නිලධාරියකු අතින් සිදුවූ දෝෂයක් හේතුවෙන් රියදුරකුගේ ගිණුමකට ඉන්දීය රුපියල් කෝටි 9806ක් බැරවීමෙන් ගැටලුකාරී තත්ත්වයක් මතුව තිඛෙනවා.
ඒ අදාළ රියදුරා තමන්ගේ ගිණුමේ සටහන්වූ එම දැවැන්ත මුදල ඉල්ලා විරෝධයක නිරතවීම හේතුවෙන්.
මෙම පුද්ගලයාගේ ගිණුමේ තිබී ඇත්තේ රුපියල් 2000 ක් පමණයි.
දිනක් ඔහු බැංකුවේ රුපියල් 200 ක් තැන්පත් කර ඇති අතර එදින ඔහුගේ දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබී ඇත්තේ ඔහු තැන්පත් කළ මුදල ගිණුමට බැර කළ බව පවසමින්.
එය සටහන්ව ඇත්තේ රුපියල් 200 ක් ලෙස නොව රුපියල් කෝටි 9806ක් ලෙසයි. එය මෙරට මුදලින් නම් රුපියල් කෝටි 23,000 ක් ඉක්මවනවා.
පසුවදාම බැංකුවට පැමිණි ඔහු එම මුදල ඉල්ලා ඇති අතර ඒ වන විටත් බැංකු නිලධාරීන් විසින් අදාළ චෝෂය හදුනාගෙන ඔහුගේ ගිණුමෙන් එම මුදල ඉවත් කර තිබුණා.
එහෙත් තමන්ගේ ගිණුමේ එදින පැවැති මුදලහා තමන් තැන්පත් කළ මුදල් ලැබුණු බවට වන කෙටි පණිවිඩය පෙන්වා මෙම රියදුරා එම මුදල් ඉල්ලා සිටින බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් බැංකු නිලධාරීන් ඔහුගේ ඉල්ලීම සැලකිල්ලට ලක් කර නැහැ.
මේ වන විට හෙළිව ඇත්තේ එම බැංකු ශාඛාවේ ප්‍රධාන ගිණුමේ මුදල් සහිත කේත අංකය වැරදීමකින් මෙම තැනැත්තා රුපියල් 200 ක් තැන්පත් කළ අවස්ථාවේ සටහන්ව ඇති බවයි.
මෙය බරපතල තත්ත්වයක් ලෙස සලකමින් පරීක්ෂණයක්ද ආරම්භ කර තිඛෙනවා.

http://vidshare.indianexpress.com/previews/Mv9dCCau-xe0BVfqu

ඔබගේ අදහස අපට කියන්න

Close