කුමාර් ගුණරත්නම්ට පුරවැසිභාවය දීමට රජය සූදානම්

කුමාර් ගුණරත්නම්ගේ සිර දඬුවම් කාලය අවසන්වීමෙන් පසු ඔහුට ශ්‍රී ලාංකීය පුරවැසිභාවය ලබාදීම සඳහා කටයුතු කළ හැකි බව රජය පවසනවා.

අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතිය කටයුතු ඇමති එස්.බී. නාවින්න මහතා පාර්ලිමේන්තුවේ දී සදහන් කලේ කුමාර් ගුණරතනම් රටින් පිටුවහල් නොකරන බවයි.

කෙසේ වෙතත් ඔහුට පුරවැසිභාවය අවශ්‍ය නම් විධිමත් ඉල්ලීමක් සිදුකළ යුතු බවයි අමාත්‍යවරයා පැවසුවේ.

ස්ථාවර නියෝග 23 – 2 දෙක යටතේ ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන යොමුකළ පැනයකට පිළිතුරු දෙමිනුයි එස් බී නාවින්න මහතා මෙම අදහස් පල කළේ.

මෙහිදී අදහස් දැක්වූ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ කුමාර ගුණරත්නම් පැහැර ගෙන ගියේ පසුගිය රජය බවයි.
එම පිරිසම අද කිඹුල් කදුලු සලන බවත් අමාත්‍යවරයා පැවසුවා.

කුමාර් ගුණරතනම්ගේ සිර දඩුවම් කාලය ලබන 09 වැනිදා අවසන්වීමට නියමිත අතර ඔහු මේ වන විට වසරකට ආසන්න කාලයක් බන්ධනාගාරයේ පසුවනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close