බස් වර්ජනය ඇරඹෙයි / ධාවනය කෙරෙන බස් වලට බාධා කළොත් නීතිය තදට

දඩ මුදල් සංශෝධනයට එරෙහිව    බස් සංගම් කිහිපයක් ආරම්භ කළ වැඩ වර්ජනය මේ වන විටත් ක්‍රියාත්මක වනවා. සියලුම සංශෝධිත දඩ මුදල් අකුළා ගන්නා තෙක් අඛණ්ඩව දීප ව්‍යාප්තව වර්ජනය සිදුකරන බවයි වර්ජනයට එක්ව සිටින බස් සංගම් අවධාරණය කරන්නේ.

කිසිදු සාකච්ඡාවකින් පලක් නොමැති බවත් සාකච්ඡාවලින් තොරවම සංශෝධනය කිරීමට අපේක්ෂිත සියලු දඩ මුදල් අකුළා ගන්නා බවට පැහැදිලි ප්‍රකාශයක් රජය සිදු කළ යුතු බවත් අන්තර් පළාත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා ලංකා ඒ නිවුස් වෙත සදහන් කළා.

‍බස් සමාගම් සමිති සම්මේලනයද මෙම වර්ජනයට එක්ව සිටිනවා.
කෙසේ වෙතත් ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමය මෙම වර්ජනයට දායකවන්නේ නැහැ.

මේ අතර සියලුම ත්‍රිරෝද රථ කොළඹ නෙළුම්‍පොකුණ රථගාල ඉදිරිපිටට කැඳවා දැවැන්ත විරෝධතාවක් අද ක්‍රියාත්මක කරන බව ජාතික ඒකාබද්ධ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ හා කර්මාන්ත කරුවන්ගේ සංගමයේ සභාපති රෝහණ පෙරේරා මහතා පැවසුවා.

ඉන් අනතුරුව ජනාධිපතිවරයාට සංදේශයක් භාරදීමට කටයුතු කරන කරන බවයි ඔහු කියා සිටියේ.
මේ අතර ඊයේ ජනාධිපතිවරයා සමග පැවැත්වූ සාකච්ජාවෙන් පසු දුම්රිය , පාසල් වෑන් රථ හා ත්‍රීරෝධ රථ සංගම් කිහිපයක් වර්ජනයෙන් ඉවත් වුණා.

පවත්වා තත්ත්වය තුල මෙම වර්ජනයට බස් රථ පන්දහසක් පමණ එක් වනු ඇති බවටයි වාර්තා පලවන්නේ.
ලංකා පුද්ගලික බස් හිමියන්ගේ සංගමයට සම්බන්ධ බස් රථ 10,000 ක් පමණ හා රජයේ බස් රථ 6,000 ක් අද ධාවනය වනු ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අඛේසිංහ මහතා සදහන් කළේ.
දුම්රිය ධාවනයද අද සාමාන්‍ය පරිදි සිදුවන බැවින් වර්ජනයෙන් දැඩි බලපෑමක් එල්ල නොවනු ඇති බවද අමාත්‍යවරයා පැවසුවා.
මේ අතර අද ධාවනය කෙරෙන බස් රථවලට විශේෂ ආරක්ෂාවක් සැපයීමට නියමිතයි.
ඇතැම් පිරිස් බස් රථ ධාවනයෙන් ඉවත් වන ලෙස තර්ජනය කර තිබීම් හමුවේයි එම පියවර ගෙන ඇත්තේ.

 

 

 

ඔබගේ අදහස අපට කියන්න

Close