මින් මැදුරක මසුන් 5,000 ක් සීතලට ගල් වෙලා

ජපානයේ ප්‍රකට ස්පේස් වර්ල්ඩ් විනෝද ක්‍රීඩා සංකීරණයේ දී මත්සයයින් 5000 ක් හදිසියේ මරණයට පත්ව තිඛෙනවා.
ඒ එහි මින් මැදුරේ සිසිලන පද්ධතිය සක්‍රීය වීමෙන් පසුව එහි ජලය සියල්ල අයිස් බවට පත්වීම හේතුවෙනුයි.
රාත්‍රී කාලයේ මෙය සිදුව ඇති අතර අලුයම නිරීක්ෂනය වී ඇත්තේ එහි සිටි මත්සයයින් / කකුලුවන් ඇතුලු සියලු මුහුදු ජීවීන් අයිස් බවට පත්වූ ජලය මැද ගල්වී සිටින ආකාරයයි.
මේ සම්බන්ධයෙන් ජපානයේ දැඩි විරෝධයක් මතුව තිඛෙනවා.
එහි කාර්ය මණ්ඩලය පවසන්නේ මත්සයයින්ට මුහුදේ පවතින සිසිල් භාවය යම් තරමකට ලබාදීමේ අරමුණින් ජලය තරමක් සිසිල් කිරීම මෙම යන්ත්‍රය හරහා සිදුකෙරුණු බවයි.
එහෙත් සිද්ධිය වාර්තා වන රාත්‍රීයේ එම පද්ධතිය යළි අක්‍රීය නොකිරීම හේතුවෙනුයි මෙම මසුන් සීතලෙන් ගල්වී ඇත්තේ.
කෙසේ වෙතත් අදාල සිද්ධිය සම්බන්ධයෙන් ස්පේස් වර්ඩ් විනෝද මධ්‍යස්ථානය ජපාන ජනතාවගෙන් සමාව අයැද තිඛෙනවා. එය බලවත් අතපසුවීමක් ලෙසයි ඔවුන් හදුන්වාදෙන්නේ. space-world-fish_759_cctv-news-facebookjapan park frozen fish, frozen fish space world japan, space world japan, social outrage frozen fish, indian express, indian express news

ඔබගේ අදහස අපට කියන්න

Close