යෙටී ගැන තවත් සාක්ෂියක් / ටිඛෙටයේ අඩි 14000ක් උසින් දැවැන්ත හස්ත සලකුණක්

යෙටී යනු ඇතැමුන්ට අද්භූත සංකල්පයක් වන අතර තවත් පිරිසකට මිථ්‍යාවක්. කෙසේ වෙතත් අවස්ථා රැසකදීම යෙටී නම් දැවැන්තයා සම්බන්ධයෙන් විවිධ සාක්ෂි ලොව හමුවේ අනාවරණවී ඇති අතර ඒවා සියයට සියයක්ම තහවුරු කළ නොහැක්කේ අද වන තෙක් යෙටී සත්ත්වයකු ආසන්නයේ සිට නිරීක්ෂණය කරන්නට කිසිවකුට අවස්ථාවක් ලැබී නොමැති බැවින්.
කෙසේ වෙතත් යෙටී සංකල්පයට පක්ෂ පිරිසට වාසිදායක වන ආකාරයේ සාක්ෂියක් ලෝකය හමුවට ඉදිරිපත් කිරීමට ඔස්ට්‍රියාවේ  Innsbruck සරසවියේ ගවේෂකයින් කණ්ඩායමක් සමත්ව සිටිනවා.
ඔවුන් විසින් මෙසේ සොයාගෙන ඇත්තේ ටෙඛෙටයේ චුසෑන්ග් කලාපයේ හිමෙන් මිදුණු බිමේ සටහන්ව තිබූ දැවැන්ත මිනිස් අතක සටහනක්.

yeti

මිනිස් වාසයට නුසුදුසු සෘණ 22ක උෂණත්වයක් පවතින මුහුදු මට්ටමින් අඩි 14,000 ක් ඉහල කදුවැටියකදීයි මෙම හස්ත සටහන සදහන්ව ඇත්තේ.
එය වර්ෂ 7400ත් 13,000 ත් අතර කාලයකට අයත් වන බවටයි පර්යේෂකයින් කාල නිර්ණයෙන් අනුමාන කර ඇත්තේ.
මෙම හස්ත සටහනේ ඇති විශාලත්වය හා එම කලාපයේ උෂණත්වය පවතින සෘණ මට්ටම අනුව එය කිසිසේතම මිනිසකුගේ අතක සටහනක් නොවන බවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.
ඒ අනුව එය හිම මිනිසා හෙවත් යෙටී සත්ත්වයකුට අයත් බවටයි ඔවුන් තර්ක කරන්නේ.
කෙසේ වෙතත් මෙම හස්ත සටහන හැර යෙටී සත්ත්වයකු පිළිබද තහවුරු කළ හැකි වෙනත් සාධයක් ඔවුන්ට මෙතෙක් ලැබී නැහැ.
දැන් එම පර්යේෂකයින් උත්සාහ දරන්නේ මෙම ශිත කාලගුණය සහිත බිමෙහි මිය යන සිරුරක් කිසිදා විනාශයට පත් නොවන බැවින් මිය ගිය යෙටී සත්ත්වයකුගේ නිරුපද්‍රිතව පවතින සිරුරක් හෝ ඇත්ද යන්න සොයා ගැනීමටයි. -අමල් අල්මේදා

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න