රුසියාව වනසන්න අමෙරිකාව තැනූ රහස් කදවුරක් ග්‍රීන්ලන්ත පොලවෙන් මතුවෙයි

රුසියාව විනාශ කර දැමීමේ අරමුණින් අමෙරිකාව විසින් ග්‍රීන්ලන්තයේ මිනිස් වාසයෙන් තොර කලාපයේ තනනු ලැබූ බැලස්ටික් මිසයිල සහිත දැවැන්ත කදවුරු පිළිබද තොරතුරු අනාවරණ වී තිඛෙනවා.

කිලෝමීටර් 2500 ක දිගින් යුතු උමගක්ද සහිතව ඉදිකිරීමට සැලසුම් කර තිබූ මෙම කදවුර වර්ග කිලෝමීටර 52,000ක් තරම් විශාල සැලසුමක් බවයි අනාවරණ වන්නේ.

කෙසේ වෙතත් එහි ඉදිකිරීම් සිදුකරමින් යන අතරතුර 1966 වසරේදී එක්වරම මෙම කදවුර වසා දැමීමට පියවර ගෙන තිබුණා.
ඒ වන විටත් ග්‍රීන්ලන්තයේ හිම මිදුණු පොලව යට සැතපුම් 2ක් දිග උමගක් හා 200 දෙනකුට නවාතැන් සහිත කදවුරක් වෙළදසැල් හා දේවස්ථානයක්ද අමෙරිකානු හමුදා විසින් ඉදිකර අවසන්ව තිබූ බවයි අනාවරණ කර ඇත්තේ.

By the time Camp Century was abandoned, soldiers had already built two miles of tunnels and a facility boasted a hospital, theatre, church and a shop for 200 of its inhabitantsThe project was abandoned in 1966 because the unstable ice above threatened to crush the campThe original plan was to build 2,500 miles of tunnels which would have covered an area of 52,000 square miles – which is bigger than the size of EnglandThe camp was given the codename Project Iceworm and troops disguised themselves as polar researchersCamp Century was built in between 1959 and 60 in northwestern Greenland, officially to test sub-ice construction techniquesA section of the 2,000 miles of tunnels already built before the project was abandoned in 1966Military personnel busy building the underdground camp way under the ice cap in GreenlandA rusty container of lubricant oil for a U.S. military vehicle stands among abandoned US military material in 2005
රුසියාව වැනසීමේ අපේක්ෂාවෙන් ඉදිකිරීම ඇරඹුනු මෙම කදවුරේ ඉදිකිරීම් අත්හිටුවීමට හේතුවී ඇත්තේ කදවුරට ඉහලින් ඇති අයිස් තට්ටුව ඒ මතට කඩා වැටීමේ අවධානමයි.
යම් හෙයකින් මෙම කදවුර ඉදිකර අවසන් වූයේ නම් එහි බැලස්ටික් මිසයිල රදවා අවසන්වූ පසු කදවුරේ විශාලත්වය එංගලන්තයට වඩා වැඩි බවයි අනාවරණ කරන්නේ.
කෙසේ වෙතත් කදවුර හදිසියේ අත්හැර දමා ඇත්තේ ඉන්ධන ලීටර් දෙලක්ෂයක් හා දැවැන්ත කසල තොගයක් සමග බව ඩෙන්මාර්කය අනාවරණ කර තිඛෙනවා.
එබැවින් පසුගිය ඔක්තෝම්බර් 24 වනදා අමෙරිකාව වෙත ලිපියක් යවමින් ඩෙන්මාර්කය ඉල්ලා ඇත්තේ හ්‍රීන්ලන්ත කලාපයේ අත්හැර දමන ලද රහස් කදවුරේ ඉන්ධන හා අපද්‍රව්‍ය ඉවත් කරගන්නා ලෙසයි. නොඑසේනම් එය ඉදිරියේදී දැවැන්ත පාරිසරික විනාශයක් සිදුකරනු ඇති බවද එම ලිපියේ දැක්වෙනවා.

කෙසේ වෙතත් තම රට අභ්‍යන්තරයේ කරුණක් සම්බන්ධයෙන් ඩෙන්මාර්කය මැදිහත්වීම පිළිබදව අප්‍රසාදය පල කිරීමටයි ශ්‍රීන්ලන්තය පියවර ගෙන ඇත්තේ.
යම් හෙයකින් අමෙරිකාව 1966 කාල වකවානුවේ මෙම කදවුර නිර්මාණය කර අවසන්වූයේ නම් අද වන විට ලෝක ඉතිහාසය වඩාත් වෙනස් ආකාරයකින් ලියවෙන්නට ඉඩ තිබූ බව නොරහසක්.

ඔබගේ අදහස අපට කියන්න

Close