සයිබීරියානු හිම දියවීමෙන් මිනිසා ඇතුලු සතුන් තුරන්ව යාමේ අවධානමක්

සයිබීරියාවේ දැවැන්ත හිම ස්ථරය මත ලෝකයේ බොහෝ විශ්මිත දෑ සැගව ඇති බව පසුගිය සමයේ විද්‍යාඥයන් අනාවරණ කර තිබුණා. ඒ අතරට අතිශය හානිකර හා ලෝකයේ ජීවයට හානිකර විය හැකි දේද වන බවයි වාර්තාවල දැක්වුණේ. කලක් සාමාන්‍ය දේශගුණයක් පැවැති සයිබීරියාව එක්වරම අයිස් යුගයකට ලක්විමෙන් මෙම තත්ත්වයන් මතුව තිබූ බවයි විද්‍යාඥයන් අනාවරණ කර තිබුණේ.කෙසේ වෙතත් ලෝකයේ කාලගුණික විපර්යාසය සමග එම අවදානම් සහගත හා විස්මිත දෑ ලෝකයට බලපෑම් කිරීම ආරම්භ වී ඇති බවයි නවතම ජාත්‍යන්තර වාර්තාවක් සදහන් කරන්නේ.

මේ එම විස්මිත දේවල් අතරින් කිහිපයක්.

බැක්ටීරියා – වසර 75 කට පෙර ඇන්ත්‍රැක්ස් විෂබීජයට අදාළ සාධක හදුනා ගැණුනේ බටහිර සයිබීරියාවෙන්. මාරක ඇන්ත්‍රැක්ස් විෂබීජයෙන් මිනිස් සංහතියට තර්ජනයක් එල්ලවිය හැකි අතර මේ වන විට දියව යමින් පවතින අයිස් පද්ධති තුලින් වෛරසය ලෝකයට මුදා හැරීමේ අවධානමක් පවතින බවයි පර්යේෂකයින් සදහන් කරන්නේ.

කාබන් – මිනිසාට හා මිහිතලයට තර්ජනයක් එල්ල කළ හැකි කාබන් ටොන් බිලියන එක්දහස් පන්සියයක් සයිබීරායුන හිම පත්ලේ තැන්පත්ව ඇති අතර අයිස් දියවී යාම හරහා එම කාබන් විවෘත පරිසරයට එක්වනු ඇති. එය මිනිසාට දැඩි තර්ජනයක් වන බවයි පෙන්වා දී ඇත්තේ.

මීතේන් – දැනට ලෝකයේ පවතින කාබන්ඩයොක්සයිඩ් මට්ටම සියයට 30කින් වැඩි කළ හැකි ආකාරයේ මීතේන් ප්‍රමාණයක් සයිබීරියානු හිම පත.්ලේ පවතින බව සදහන්.

සයිබීරියානු පැරණි සොහොන්  – මීට වසර කිහිපයකට පෙර දියව ගිය අයිස් තුල සැගව තිබූ සයිබීරියානු ඉපැරණි රාජ වංශිකයින්ගේ සොහොන් තවත් හමුවීම මෙහිදී දක්වා තිඛේ. මෑතකදී සොයාගත් එක් සොහොනක් වසර 2500ක් පැරන‍ිය.

මැමත් – වදවී ගිය මැමත් සතුන්ගේ විශිෂ්ටතම සාක්ෂි හමුවෙමින් පවතින්නේ සයිබීරියාවෙනි. හිම දියවී යාම තුලින් එම කරුණු තවත් හෙළිවනු නිසැකය.

වෛරස් – ප්‍රංශ විද්‍යාඥයන් පිරිසක් විසින් සයිබීරියාවේ සිදුකළ ගවේෂණයකදී අතිශය හානිකර වසූරිය වැනි රෝග බෝ කරන වෛරස සොයාගෙන ඇත. සයිබීරියානු හිම දියව යන්නේ නම් එවන් තත්ත්වයන් ලෝකයට තර්ජන එල්ල කළ හැකිය.

ඔබගේ අදහස අපට කියන්න

Close