සුනඛයෙක් ස්වාභාවිකවම සිංහයෙක් වෙලා

කැලේ රජා වන සිංහයා සැලකෙන්නේ තේජස් සහිත සත්ත්වයකු ලෙසයි. ඒ සදහා සිංහයාගේ හිස වටා ගෙලෙහි ඇති කේශර වැඩි අලංකාරත්වයක් සපයනවා.
කෙසේ වෙතත් උපතින්ම සිංහයකු නොවුවද සිංහයකු ලෙස වැජඹෙන සත්ත්වයකු පිළිබද අමුතුම ආකාරයක තොරතුරක් එංගලන්තයෙන් වාර්තාවී තිබෙනවා.
ෂාර් පෙයි නමින් හැදින්වෙන සුනඛයෙක් මෙසේ සිංහයකු බවට පත්ව ඇත්තේ කෘතිම ආකාරයකින් නොව ස්වාභාවිකවම හිස හා ගෙලෙහි හටගන්නා කේශර හේතුවෙනුයි.
මෙම අසාමාන්‍ය සුනඛයා මේ වන විට සත්ත්ව සුබසාධන මධ්‍යස්ථානයක රැකවරණය ලබන්නේ එම සත්ත්වයාගේ හිමිකරුවිසින් එම සත්ත්වයා අතහැර දැමීම හේතුවෙනුයි.
මේ එම අසාමාන්‍ය සුනඛ සිංහයාගේ ජායාරූප කිහිපයක්.

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න