අහසින් ලගදීම අවධානමක් එනවා / මහා විද්‍යාඥ හෝකින් යළි ලෝකයට අනතුරු අගවයි

ලොව සුපිරිතම බුද්ධිමතා ලෙස සැලකෙන මහාචාර්යය ස්ටෙෆන් හෝකින් යළිත් පෘථවිය අවදානමකට මුහුණ පා ඇතැයි බරපතල ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ විද්‍යාඥයින් විසින් ආලෝක වර්ෂ 1400ක දුරින් නිරීක්ෂණය කර ඇති අසාමාන්‍ය සූර්යයකු පිළිබදව සිය නිගමනය ඉදිරිපත් කරමින්.

මෙම සූර්යයා අසාමාන්‍ය ලක්ෂණ පෙන්නුම් කරන බව පවසන විද්‍යාඥයින් හෙළිකර තිබුණේ එම සූර්යයාගෙන් නිකුත් වන ආලෝකයට විටින් විට යම් බලපෑමක් එල්ල වන බවයි.
එය විද්‍යාඥයින් අර්ථ දක්වා ඇත්තේ යම් විදුලි බුබුලක් ගැස්මකට ලක්වන තත්ත්වයක් ලෙසයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහා විද්‍යාඥයා සදහන් කරන්නේ එම සූර්්‍යයා කිසියම් පිටසක්වල ජීව විශේෂයක් විසින් ආක්‍රමණය කර ඇති බවයි.
බලශක්තිය ලබා ගැනීමේ අරමුණින් එම සූර්යයා වටා යම් ඉදිකිරීමක් සිදුකර ඇති එම දියුණු ජීව කොට්ටාශය විශ්වයේ ජීවය සහිත ලෝක අත්පත් කර ගැනීමට අදාළ ශක්තිය භාවිතා කිරීමට ඉඩ ඇති බවද ඔහු සදහන් කරනවා.

එහිදී අලෝක වර්ෂ දහස ඉක්මවා යන දුරකින් පිහිටි ග්‍රහලෝක හා ජීවීන්ද තර්ජනයට ලක්වන අතර පෘථවියටද පැහැදිලිව මෙම අවදානම බලපැවැත්වෙන බවයි හෝකින් මහතා අවධාරණය කරන්නේ.
මේ සම්බන්ධයෙන්  හෝකින් මහතාට පෙර අදහස් පල කළ Penn State University හී  Jason Wright ප්‍රකාශ කර ඇත්තේ එම සූර්යයා කිසියම් බලපෑමකට ලක්ව ඇති බවයි.
එය කිසියම් දියුණු ජීව විශේෂයක් විසින් යම් ඉදිකිරීමකින් ආවරණය කරමින් පවතින බවටද ඔහු මතයක් ඉදිරිපත් කර තිබුනා.

KIC 8462852 නම් කර ඇති මෙම තාරුකාව පිලිබදව කැලිෆෝනියා සරසවියේ විදයාඥයන් පවසන්නේ ද පෙර සමානම අදහසක්. ඔවුන් අති නවීණ දුරේක්ෂ මගින් මෙම තාරුකාව අවදානයට ලක් කර ඇති අතර එහිදී හෙලිව ඇත්තේද යම් අසාමාන්‍ය තත්ත්වයක් එහි පවතින බවයි.

A currently debated theory is dimming by a cloud of comets or the remnants of a shattered planetGreen Bank radio telescope in West Virginia will be monitoring the star

 

ඔබගේ අදහස අපට කියන්න

Close