ත්‍රස්තවාදය උමතු ක්‍රියාවක් / ශූද්ධෝත්තම පියතුමන් කියයි

සියලුම ත්‍රස්ත ක්‍රියාකාරකම් යනු අමානුෂික උමතුවක් වැළදුණු පිරිසක් විසින් සිදුකරන්න පිළිකුල්  සහිත ක්‍රියාවක් බව ශුද්ධෝත්තම ප්‍රැන්සිස් පාප් වහන්සේ පවසනවා.
උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ලොව පුරා සිදුවන ත්‍රස්ත ප්‍රහාර පිළිබද අදහස් දක්වමින්.
දෙවියන්ගේ නාමයෙන් මිනිසුන් ඝාතනය කිරීමට කිසිවකුට අයිතියක් නොමැති බවද පාප් වහන්සේ සදහන් කර තිබෙනවා. 2016 වසරේදී ඇෆ්ගනිස්ථානය / බංග්ලාදේශය / බෙල්ජියම/බර්කිනෝ ෆාසෝ /ඊජීප්තුව / ප්‍රංශය /ජර්මනිය / ඉරාකය / ජෝර්දානය / නයිජීරියාව/පකිස්ථානය /ටියුනීසියාව/තුර්කිය හා අමෙරිකාව තුල එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර හෙලාදකින බවද ශූද්ධෝත්තම පියතුමන් සදහන් කර තිබෙනවා.

ඉදිරියේදී ආගමේ නාමයෙන් ත්‍රස්ත ක්‍රියා සිදුකිරීමෙන් වලකින ලෙසයි පාප් වහන්සේ ලෝකයේ සියලුම පාර්ශවවලින් ඉල්ලීමක් කරන්නේ.

ඔබගේ අදහස අපට කියන්න

Close
%d bloggers like this: