ලෝකයෙන් වෙන්වුණු හුදකලා දූපතේ වෙසෙන 30 දෙනාගේ පවුල

මහා සාගරය මැද ලෝකයෙන් තනිවී හුදකලා දූපතක වාසය කරන්නට ඔබට අවස්ථාව හිමිවුවහොත් එය ඔබ අපූරු අත්දැකීමක් ලෙස සලකනු ඇති.
එහෙත් සැබෑ ලෙසම ලෝකයෙන් හුදකලා වූ දූපතක ඒ ආකාරයෙන් වෙසෙන අපූරු පිරිසක් වෙසෙන බව ඔබ දැන සිටියාද ?
බ්‍රිතාන්‍යයට අයත් මුහුදු කලාපයේ පිහිටි මෙම දිවයිනේ එසේ වාසය කරන පිරිස 30 දෙනකු පමණයි.
ලෝකයේ නවීන තාක්ෂනයෙන් ඔවුන් භාවිතා කරනු ලබන්නේ දුරකථනයක් පමණයි.
සාමාන්‍ය ග්‍රාමීය එංගලන්ත වාසීන් ලෙස ජීවත්වන ඔවුන් භාවිතා කරන්නේද ලෝකය අතීතයේදී බාවිතා කළ ජුලියන් කැලන්ඩරයයි.
ඒ අනුව ඔවුන් නත්තල සමරනු ලබන්නේ ජනවාරි 6 වනදායි.
ඔවුන් නව වසර සමරන්නේ ජනවාරි 13 වනදායි.
බැටලුවන් හා වගාවෙන් තමන්ට අවශ්‍ය දේ සපයා ගන්නා මෙම දූපතේ සාමාජිකයින් 30 දෙනා පවසන්නේ සරල ලෝකයේ තමන් අවශ්‍ය සියලු දෙයින් ස්වයංපෝෂිත බවයි.
ලෝකය කෙසේ වෙනස් වුවද තමන් වෙනස් නොවන බවද දූපත්වාසීන් අවදාරණය කර තිබෙනවා.

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න