වනාන්තර කාන්තාර කරන ඉතියෝපියාවේ හොල්මන් කුහුඹුවෝ

ඉතියෝපියාවේ වර්ග කිලෝමීටර දහස් ගණනක වනාන්තර කලාපයක් කූඹි විශේෂයක් විසින් අක්‍රමණය කර තිඛෙනවා. ලයිව් සයන්ස්  වෙබ් අඩවිය වාර්තා කළේ මෙම කුහුඹු විශේෂය අවතාර කුහුඹුවන් ලෙස නම් කර ඇති බවයි. එක් රුජිනකගේ නායකත්වයෙන් යුතු මෙම කුහුඹු විශේෂය වර්ගයා සීඝ්‍රයෙන් බෝ කරමින් තවත් ප්‍රදේශ වෙත ආක්‍රමණික ස්වරූපයෙන් ව්‍යාප්ත වන බවයි පැවසෙන්නේ.
එහිදී තමන්ගේ කලාපයට පැමිණෙන විශාල ප්‍රමාණයේ ජීවියකු වුවද අඩපණ කර ආහාරයක් බවට පත් කර ගැනීමට මෙම කුහුඹු විශේෂය සමත් බවද සදහන්.
මෙය පෘථවියටම බරපතල තර්ජනයක් ලෙසයි ඇතැම් විදයාඥයන් හදුන්වා දෙන්නේ.

මීට පෙර මෙවන් ආක්‍රමණකාරී කුහුඹු විශේෂයක් මෙක්සිකෝවෙන් වාර්තා වුණා.
එම කුහුඹු විශේෂය විසින් මෙක්සිකෝවේ කිලෝමීටර 6000ක ප්‍රදේශයක් ආක්‍රමණය කර තිබූ බවයි පැවසෙන්නේ.
මේ අතර ඉතියෝපියාවෙන් වාර්තාවන හොල්මන් කුහුඹුවන් ලොව පුරා පැතිර යාමේ අවධානමක් පවතින බවයි විද්‍යාඥයන් පවසන්නේ.
එරටට පැමිණෙන සංචාරකයින්ගේ ගමන් මලු හරහා එම ව්‍යාප්තිය ලොව පුරා සිදුවිය හැකි බවටද අනතුරු අගවා තිඛෙනවා.
එසේනම් ලෝකයට මීලග තර්ජනය එල්ල කරන්නේ ආක්‍රමණික කුහුඹුවන් විය හැකි බව නොසලකා හැරීමට මිනිස් වර්ගයාට හැකියාවක් නොලැඛෙනු ඇති.

 

ඔබගේ අදහස අපට කියන්න

Close