වයසට ගියත් හම රැළි නොවැටෙන ක්‍රමවේදය සොයාගනී

සදාකාලික තාරුණ්‍යය අත් පත් කර ගැනීම විද්‍යාඥයන්ගේ සිහිනයක්. එය සිහිනයකට වඩා වඩාත් ප්‍රායෝගික යථාර්තයක් බවට පත් කිරීමට පෙන්සිල්වේනියා සරසවියේ මහාචාර්යය  George Cotsarelis ඇතුලු කන්ඩායමක් සමත්ව සිටිනවා.
ඒ සම රැළි වැටීම සම්පූර්ණයෙන්ම වලක්වන ක්‍රමවේදය සොයා ගැනීමට ඔවුන් සමත්වීමත් සමගයි. මේ අනුව ප්ලාස්ටික් ශල්‍යකර්ම වැනි ක්‍රමවේදවලින් බැහැරව සම රැලි වැටීම වැලැක්වීමට හැකියාව ලැබෙන පවයි පර්යේෂකයින් පෙන්වා දෙන්නේ.

මෙහිදී සිරුරට කිසිදු බාහිර තුවාල කිරීම් කැපීම් ආදියෙන් තොරව ප්‍රතිකාරය ලබාදීමට හැකිවීමද විශේෂත්වයක්.
ඒ අනුව සම රැළි වැටීමට බලපාන සෛලවල අඩංගු තෙල් ආදි ගැටලු නිවාරණය කිරීම සදහා මෙහිදී භාවිතා කරනු ලබන්නේ එන්නතක් පමණයි.
එය අතිසාර්ථක බවත් වෙනත් කිසිදු බාහිර බලපෑම් එල්ල නොවන්නක් බවත් පෙන්සිල්වේනියා සරසවියේ පර්යේෂකයින් හෙලිකලා.

ලොව පුරා කාන්තාවන් සම රැළි වැටීම වලක්වා ගැනීම සදහා වාර්ෂිකව ඩොලර් බිලියන 200කට අධික මුදලක් වැය කරන බව හෙළිව තිබෙනවා.
ඒ අතරට ප්ලාස්ටික් සැත්කම් ආදියද ඇතුලත්.
කෙසේ වෙතත් ලබන වසර වන විට මෙම ලාභදායී එන්නත් ක්‍රමවේදය ලෝකය වෙත එලිදැක්වීමේ හැකියාව පවතින බවයි පර්යේෂකයින් හෙලිකරන්නේ.

face

ඔබගේ අදහස අපට කියන්න

Close