ඉපැරණි ලෝකය අදට වඩා දියුණු බව හෙළිකරන සාධක මෙන්න

මිනිසා විද්‍යාවෙන් හා දැනුමෙන් දියුණුව සිටියද අතීතයේ බොහෝ නිර්මාණ පිළිබද සිතන්නට පවා වත්මන් මිනිසාට හැකියාවක් ලැබී නොමැති බව රහසක් නොවේ. ලෝකයේ ඉපැරණි මහා පුදුම ලෙස නම් කරන ලද ඒවා බිහිව ඇත්තේද ඉපැරණි විශිෂ්ට ශිෂ්ඨාචාරයන් මතයි. මේ වත්මන් ලෝකය පරදා අතීත ලෝකය ඉදිරියෙන් සිටි බව කියන ඒ විශිෂ්ටතම ශිෂ්ටාචාරවල සාධක එකතුවක්.

ඉපැරණි චීනය

බුද්ධ පූර්ව 2100 ත් 221 අතර කාලය චීනයේ විශිෂ්ටත්වය ලොවට හෙළිකළ යුගයකි. ලොව සුපතල මහා නිර්මාණයක් වන සද මතදී පවා දැකගත හැකි චීන මහා ප්‍රාකාරය එසමයෙහි නිර්මාණයකි. එවන් දැවැන්ත නිර්මාණය කළ එම යුගය වත්මන් යුගයට වඩා නොදියුණෙු යැයි කෙසේ අභියෝග කරන්නද ?

ඉපැරණි ඊජීප්තුව – බුද්ධ පූර්ව 3150 – 50 කාලයේදී ඉපැරණි ඊජීප්තුව ලොව විස්කම් රැසක් ඉතිරි කර තිඛේ. අද නවීන තාක්ෂනයෙන් පවා නිර්මාණය කළ නොහැකි අති දැවැන්ත හා ගණිතමය අතින් නිවැරදි පිරමීඩ ඒ අතරය. එමෙන්ම ශල්‍ය වෛද්‍ය විද්‍යාව / ප්‍රතිකාර ක්‍රම වෙලුම් පටි ආදී ක්‍රමවේදයන් මෙන්ම අස්ථි බිදුම් සදහා ප්‍රතිකාරයන්ද එවක කල බවට සාධක ඇත.

පේරු – ඉන්කා ශිෂ්ටාචාරය
මීට වසර 1000 කට පමණ පෙර ඉන්කා ශිෂ්ටාචාරය ලොවට හෙලිකරන්නේ අති නවීන ප්‍රවාහන ක්‍රම හා විශිෂ්ට ගොඩනැගිලි හා මාචු පීකු වැනි බලකොටු තාක්ෂණයන්ය. ඒ අතරින් බොහෝ නිර්මාණ අදටත් ලොවට විස්මයකි.

ඉපැරණි ග්‍රීසිය –  නවීණ තාක්ෂණයට අභියෝග කරන දැවැන්ත ඉදිකිරීම් ඉපැරණි ග්‍රීකයින් සතුය. පාතනින් දෙව් මැදුර / ක්ලෝසියම වැනි අති විදග්ධ නිර්මාණයන්ද ඒ අතරය.

වත්මන් මෙක්සිකෝව / ඛෙලිස් / ගෝතමාලාව / එල් සැල්වදෝරය හා හොන්ඩුරාස් යන රටවල් ඇතුලත් ඒ ආශ්‍රීත මායා ශිෂ්ටාචාරය
ආහාර නිර්මාණය / නිෂ්පාදනය / උද්‍යාන කලාව / නවීන ගණිතමය තාක්ෂණය අතින් අති විශිෂ්ට මායා තාක්ෂනය අදටත් ලොවට අභියෝගයකි.

අද මධ්‍යධරණි කලාපයට අයත් ඔසිරියන් යුගය
අති දැවැන්ත ගොඩනැගිලි තාක්ෂණයකින් යුතුය. විද්‍යුතය භාවිතා කළ බවට සාධක ඇති. දැවැන්ත ස්ථම්භයන් වන අතර ඇතැම් ඒවා අඩි 100ක් දිග ටොන් 1500ක් බර ඒවාය. එවන් නිර්මාණ නිර්මාණය හා ප්‍රවාහනය අදටත් ලොවට අභිරහසකි.

රාම අධිරාජ්‍යය යුගය – බුද්ධ පූර්ව 10,000 හා 2500
ශ්‍රී ලංකාව තුල මෙය තහවුරු කිරීමේ සාධක නොමැති වුවද හා පිළි නොගත්තද ඉන්දියාව හා පකිස්ථානය තුල ඊට අදාල සාධක දහස් ගණනක් පවතී.
මොහන්දජාරෝ හරප්පා වැනි නගර මෙන්ම න්‍යෂ්ඨික තාක්ෂණය භාවිතා කළ බවටද එහි සාධක හෙලිව ඇත.

 

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න