ට්‍රම්ප් පවුල් පාලනයකට සූදානම් වන බවට ඩිමොක්‍රටික් පක්ෂයෙන් චෝදනා

අමෙරිකානු ජනධිපති ධූරයට තේරීපත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා විසින් ජෞ්‍යෂ්ට උපදේශකයා ලෙස ඔහුගේ බෑණා පත් කිරීම සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂය විරෝධය පල කර තිඛෙනවා.
ඊයේ දිනයේදී ට්‍රම්ප් මහතා විසින් මෙම පත් කිරීම සිදුකළ අතර සිය දියණිය හා විවාහවිී සිටින 36 හැවිරිද ජෙරාඩ් කුෂ්නර් මේ සදහා පත් කිරීමටයි ඔහු පියවර ගත්තේ.
මෙම පත් කිරීම ඥාතී සංග්‍රහට අදාළ වරදක් නොවන බවයි ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතීඥයින් සදහන් කරන්නේ.
කෙසේ වෙතත් එරට විපක්ෂ කන්ඩායම් පවසන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් පවුල් පාලනයක් කරා යොමුවන ලකුනු මෙයින් පෙන්වන බවයි. එය අමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අභියෝගයට ලක් කරන්නක් බවද ඩිමොක්‍රටික් පක්ෂය සදහන් කරනවා.
මෙම විරෝධතා නොසලකා හරිමින් ට්‍රම්ප් මහතා ලබන 20 වනදා 45 වන අමෙරිකානු ජනපති ලෙස ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න