ඔලුවෙන් සිටවූ මාර්ග සංවර්ධන අධිකාරියේ පුවරු වඳුරන්ට සහ වවුලන්ට ද?

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ අරමුණින් රාජගිරියේ මාර්ග සංඥා පුවරු ද්වි භාෂා ප්‍රතිපත්තියට අනුව සිදු කරන ලෙස ඉල්ලමින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ජාතික ව්‍යාපාරය විසින් මාර්ග සංවර්ධන අධිකාරිය වෙත යොමුකළ ලිපියට මෙතෙක් ප්‍රතිචාර දක්වා නැතැයි චෝදනා එල්ලවී තිබෙනවා.

මේ බව පෙන්වා දෙමින් රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ ව්‍යාපාරය විසින් අද දිනයේ මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා වෙත ලිපියක් යොමු කළ අතර “මාර්ග සංවර්ධන අධිකාරිය විසින් රාජගිරියේ සවිකර ඇති මෙම පුවරුව කියවිය හැක්කේ ‘වදුරන්ට‘ හෝ ‘වවුලන්‘ ට මිස මිනිසුන්ට නොවන බව එහි සඳහන් වෙයි. මේ එම ලිපියයි.

 

සභාපති,

මාර්ග සංවර්ධන අධිකාරිය

216

ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත

බත්තරමුල්ල

මාර්ග සංවර්ධන අධිකාරියේ මේ පුවරු වඳුරන්ට සහ වවුලන්ට ද? 

රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය බලගැන්වීමේ අරමුණින් රාජගිරියේ මාර්ග සංඥා පුවරු ද්වි භාෂා ප්‍රතිපත්තියට අනුව සිදු කරන ලෙස ඉල්ලමින් 2017  ජනවාරි 4 වන දින සහ 2017 ජනවාරි 10 වන දින යොමුකළ ලිපි දෙක සඳහා මේ වනතෙක් ඔබ ආයතනය විසින් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.  ලංකාවේ වැඩිම පිරිවැයක් මාර්ග සංවර්ධනය සදහා යොදවන, මාර්ග ආරක්ෂාව ප්‍රමුඛ වගකීමක් ලෙස පැවරී ඇති ආයතනය ලෙස ඔබ වහා ක්‍රියාත්මකවීමේ වැදගත්කම අවධාරණය කරමු.

මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සවිකොට සවිකොට ඇති තවත් නාම පුවරුව ඡායාරූපය පහතින් අමුණා ඇත. සිංහල භාෂාවෙන් පමණනක් කරුණු සඳහන් එම නාම පුවරුව උඩු යටිකුරු වී දින 5ක් පමණ ගතවී තිබේ. මෙම පුවරුව කියවිය හැක්කේ ‘වදුරන්ට‘ හෝ ‘වවුලන්‘ ට මිස මිනිසුන්ට නොවේ.

ලංකාවේ සෑම දෙසින්ම  පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව වැනි ආයතන වෙත පැමිණෙන ප්‍රධාන මාර්ගයේ පුවරු වල හෝ රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම කෙරෙහි ඔබගේ ක්ෂණික අවධානය යොමු කරන මෙන් නැවත වරක් කාරුණිකව ඉල්ලමු.

 

ස්තුතියි

මීට

විශ්වාසී

 

රවින්ද ඉන්ද්‍රජිත් (සම කැඳවුම්කරු)

අහමඩ් මනාස්   (සම කැඳවුම්කරු)

නඩරාජන් කිරුබා  (සම කැඳවුම්කරු)

 

පිටපත්- ලේකම්, මහාමාර්ග හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය

ජාතික සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මහතා

ජාතික සමඟිය හා සංහිඳියා කාර්යංශය

ඔබගේ අදහස අපට කියන්න

Close
%d bloggers like this: