ජී එස් පී ප්ලස් යළි හිමිවීම ගැන අගමැතිගෙන් නිවේදනයක්

ජී එස් පී ප්ලස් බදු සහනය යලි මෙරටට හිමිවීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුක් කරනු ලැබුවා.මේ එම නිවේදනයයි.

ජනතා අයිතිවාසිකම් හා හිමිකම් ආරක්‍ෂා කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරලීම සඳහා පසුගිය දෙවසර තුළ රජය සිදු කළ කැපවීමෙහි ප්‍රතිඵලයක් ලෙස ජීඑස්පී ප්ලස් සහනය යළි ලබා ගැනීමට හැකි විය.

මෙය යහපාලන රජය විසින් ලබා ගත් ජයග්‍රහණයක් පමණක් නොවේ. මෙය මුළු මහත් ශ්‍රී ලාංකිකයන් විසින් ම ලද ජයකි.

ඇඟළුම් ඇතුළු දේශීය නිෂ්පාදනයන්ට මේ නිසා වඩාත් පුළුල් ලෙස යුරෝපීය වෙළඳපොළට යළි ප්‍රවේශ වීමේ අවකාශ සැලසෙනු ඇත. මේ නිසා නව රැකියා අවස්ථා ගණනාවක් මෙන්ම නව ආදායම් මාර්ග රැසක් ද අප රට තුළ නිර්මාණය වනු ඇත.

ජීඑස්පී ප්ලස් සහනය යළි ලබා ගැනීම සඳහා කැපවීම් කළ හා වෙහෙසුණු අය මෙන්ම සහය ලබා දුන් අය ද බොහෝය. ඒ සියළු දෙනාට ස්තුතිය පළ කිරීමට ද මෙය අවස්ථාව කර ගනිමි.

ඔබගේ අදහස අපට කියන්න

Close
%d bloggers like this: