දින 600ක් අභ්‍යාවකාශයේ සිටි අමෙරිකානු අබිරහස් යානය යළි පෘථවියට

අමෙරිකානු ගුවන් හමුදාවට අයත් අබිරහස් අභ්‍යවකාශ හමුදා යානයක් දින 600ක අභ්‍යාවකාශ මෙහෙයුමකින් පසු යළි පෘථවියට පැමිණ තිඛෙනවා.
එක්ස් 37 බී ලෙස නම් කර ඇති මෙම යානය පෘථවි කක්ක්ෂයේ දින 600ක් ගත කළද එහි ක්‍රියාකාරීත්වය හෝ අරමුණ මෙතෙක් හෙළි නොකිරීම ගැටලුවක් බවයි පාර්ශව රැසක් පවසන්නේ.
ඉකුත් වසරේ මැයි 20 වනදා අමෙරිකාවේ ඇට්ලස් 5 රොකට්ටුව ආධාරයෙන් මෙම යානය ගුවන් ගත කර තිබුණේද ඊට අඩු ප්‍රසිද්ධියක් ලබා දෙමින්.
යානයේ ගමන් ගත් ගගන ගාමීන්ගේ පවා තොරතුරු මෙහිදී අනාවරණ කර නැහැ.
කෙසේ වෙතත් පර්යේෂකයින් පිරිසක් පවසන්නේ අභ්‍යාවකාශයේ බෝම්බ පිපිරවීම් හා චන්ද්‍රිකා විනාශ කිරීමේ හැකියාව අමෙරිකාව මෙහිදී අත්හදා බලා ඇති බවයි.
එසේම මෙම යානය පෘථවි කක්ක්ෂයේ අඩු උසක සිට ඉහලම අගය දක්වා මෙහෙයුම් සිදුකර තිඛෙනවා.
ඒ අනුව පෘථවියේ සිට කිලොමිීටර 177ක් සිට 800ක් දක්වා මට්ටමේ යානය ගමන් කර තිඛෙනවා.
සාමාන්‍යයෙන් ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පවතින්නේ පෘථවියේ සිට කිලෝමීටර 350 ක උසකිනුයි.
මෙම යානය විශේෂිත පරීක්ෂනයක් වෙනුවෙන් යොමුකළ එකක් බව නාසා ආයතනයද නිවේදනය කර තිඛෙනවා.
කෙසේ වෙතත් එය කවරක්දැයි හෙලිකර නැහැ.
එහෙත් අමෙරිකානු ගුවන් හමුදාව පවසන්නේ යානා වේගය වැඩි කිරීමට අදාළ පරීක්ෂණ මෙහිදී සිදුවූ බවයි.

The US Air Force's mystery military space plane has now been in orbit for 600 days. The X-37B space plane, an experimental program run by the Air Force, launched atop a United Launch Alliance Atlas V rocket on May 20, 2015.  Pictured is an artist's impression

follow and like us:
W3Schools

ඔබගේ අදහස අපට කියන්න