බන්ධනාගාරයේ සිටින විමල්ට පිටින් කෑම ගෙන්න අවසර

රජයේ වාහන අවභාවිතා කිරිමේ චෝදනා මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට පිටතින් ආහාර ගෙන්වා ගැනීමට අවසර ලබාදී තිබෙනවා.
ඒ මන්ත්‍රීවරයා සිදුකරන ලද ඉල්ලීමක් මතයි.
ඊයේ දිනයේදී රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු වීරවංශ මහතා කොළඹ මැගසින් බන්ධනාගාරයේ ඊ සිර මැදිරියේ රඳවා සිටිනවා.
ඔහු බන්ධනාගාර අධිකාරිවරයා වෙත සිය ඉල්ලීම ඉදිරිපත් කිරීමෙන් පසු මෙම අනුමැතිය ලැබී ඇති බවද එහි ප්‍රකාශකයකු සදහන් කළා.

ඔබගේ අදහස අපට කියන්න