බලධාරීන් නොදෙන නිසා කදු කපා ගමට පාරක් තැනූ ආබාධිත මිනිසා

බලධාරීන් වෙත ඉදිරිපත් කරන යෝජනා ඉටු නොවීම හේතුවෙන් ලෝකයේ බොහෝ රටවල සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වනවා.එහිදී බොහෝ දෙනකු සිදුකරන්නේ බලධාරීන් වෙත දෝෂාරෝපණය කරමින් ඉවසා සිටීම පමණයි. එහෙත් තමන්ගේ දුෂ්කර ගම්මානයට මාර්ගයක් තනා දීමට බලධාරීන් අපොහොසත්වීමට අමුතු ආකාරයකින් පිළිතුරු දුන් පුද්ගලයකු පිලිබද ඉන්දියාවෙන් වාර්තාවනවා.
59 හැවිරිදි මෙම ඉන්දියානුවා නමින් ශෂී වන අතර ඔහු අර්ධ වශයෙන් ආබාධිතයෙක්. ඔහුගේ වම් අත හා වම් පාදය ආබාධිත තත්ත්වයේයි පවතින්නේ.
අඩි 20 ක් 30ක් පමණ වන පස් කදු මැදින් තම නිවසේ සිට නගරයට යාමට සිදුවීමෙන් මෙම පුද්ගලයා පීඩාවට පත්ව තිබුණා.ඒ වෙනුවෙන් බලධාරීන් වෙත ඉල්ලීම් ඉදිරිපත් කර තිබුණද ඒවා ඉටුව තිබුණේ නැහැ.
ඒ අනුව මීට වසර 3ක සිට දිනපතා තමන් විසින්ම පස් කපමින් ඔහු මාර්ගයක් ඉදිකිරීම ආරම්භ කර තිබුණා.
මෙය උමතු වෑයමක් ලෙස සැලකූ බොහෝ දෙනා ඊට සහාය දී තිබුණේ නැහැ.
එහෙත් අද වන විට මේ ආබාධිත වීරයා පිලිබදව ඉන්දියාවේම අවදානය යොමුව තිබෙනවා.
ඒ ඔහු ආබාධිතයකු වුවද කැපවීම හේතුවෙන් සිය ඉලක්කයේ අවසානයට ලගාවී සිටීම නිසයි. බලන්න ශාරීරිකව ආබාධිතයකු වුවද මනසින් ආබාධිතයකු නොවන ඔහුගේ කතාව.

ඔබගේ අදහස අපට කියන්න

Close