මුදල් නෝට්ටු තුල සැගවුණු මාරයෝ දහස් ගණනක් / විද්‍යාඥයන් හෙළිකරයි

මුදල් වැඩි වැඩියෙන් රැස් කිරීමට ලෝකයේ බොහෝ දෙනා දක්වන්නේ දැඩි කැමැත්තක්. ඒ තරමටම මුදල් මිනිසාගේ ජීවිතයට බලපාන සාධකයක් බවට පත්ව තිඛෙනවා.
කෙසේ වෙතත් අප අධික කැමැත්තෙන් රැස් කරන මුදල් නෝට්ටු මිනිසාට දැවැන්ත විනාශයක් සිදුකරමින් පවතින බව විද්‍යාඥයන් කණ්ඩායමක් අනාවරණ කර තිඛෙනවා.
නිව් යෝර්ක් සරසවියේ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ලොව පුරා භාවිතා වන ඩොලර් නෝට්ටුවල පමණක් හානිකර බැක්ටීරියා 3,000 ක් පවතින බව අනාවරණ වන බවයි.
එයින් ඇතැම් බැක්ටීරියා මිනිසාට අතිශය හානිකර බවද ඔවුන් සදහන් කරනවා.
2010 වසරේදීත් රටවල් 10ක මුදල් නෝට්ටු භාවිතා කරමින් මෙම පර්යේෂණය සිදුකර තිබූ අතර එහිදීද මෙම අවධානම හෙලිවී තිබුණා.

One dollar bills circulate for an average of 5.8 years, and one hundred dollar bills for 15 years, according to the U.S. Currency Education Program
මෙක්සිකෝවේ භාවිතා කරන මුදල් නෝට්ටුවලින් 4න් 1ක්ම මෙම බැක්ටීරියාවල අවධානමට ලක්ව තිඛෙනවා.
විද්‍යාඥයන් සදහන් කරන්නේ විවිධ වෛරස් / ආසාධන / කුෂ්ට රෝග ආදිය පවතින්නන් අතින් හුවමාරු වන මුදල් නෝට්ටු තුල එම විෂබීජ අන්තර්ගත වන බැවින් ඒවා මෙසේ පැතිරයන බවයි.
ස්වාභාවික අයුරින්ද මුදල් නෝට්ටු වෙත විෂබීජ ඇති වන අවස්ථා පවතින බවයි නිව්යෝර්ක් විද්‍යාඥයින් පවසන්නේ.
වසූරිය වැනි බිහිසුණු වසංගතයක රෝගකාරක එක් මුදල් නෝට්ටුවක් හරහා පැතිර යාමෙන් ලෝකයේ අති මහත් විනාශයක් සිදුවිය හැකි බවටද ඔවුන් අනතුරු අගවා තිඛෙනවා.
මීට වඩාත් සාර්ථක මිනිසා විද්‍යුත් මුදල් ක්‍රමය වෙත වහා යොමුවීම බවයි විද්‍යාඥයන් යෝජනා කරන්නේ.

Some of the bacteria found on the bills included those linked to pneumonia, gastric ulcers, food poisoning and staph infections, but the researchers also found other unexpected pieces of DNA on the banknotes, including that of a white rhino

ඔබගේ අදහස අපට කියන්න

Close