ශ්‍රී ලංකාවට යළි ජී එස් පී ප්ලස් සහනය ලබාදීමට යුරෝපා කොමිසමෙන් යෝජනා

ශ්‍රී ලංකාවට යළි ජී එස් පී ප්ලස් සහනය ලබාදීමට යුරෝපා කොමිසම එකගතාවය පලකර තිබෙනවා. කොලඹ පිහිටි යුරෝපා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මෙරට වත්මන් තත්ත්වය සම්බන්දයෙන් සලකා බැලීමෙන් පසු මෙම තීරණය ගත් බවයි.
මේ වන විට ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය / යහපාලනය / කම්කරු අයිතිවාසිකම් හා අවෙකුත් මානුෂවාදී තත්ත්වයන් කෙරෙහි යුරෝපා සංගමයේ ප්‍රසාදය පල කරන බවද එහි දැක්වෙනවා.
මෙරටට හිමිව තිබූ ජී එස් පී ප්ලස් සහනය 2010 වසරේදී අත්හිටුවනු ලැබුවා.
ඒ පසුගිය රජය සමයේ මානව හිමිකම් ගැටලු හා තවත් කරුණු රැසක් මුල් කර ගනිමින්.
එහිදී යෝජනා 27ක් ශ්‍රී ලංකාවට ඉදිරිපත් කර තිබූ අතර පසුගිය රජය ඒවා ඉටු කිරීමට අසමත්ව තිබුණා.
කෙසේ වෙතත් මේ වන විට පවත්වා තත්ත්වය තුල මෙරටට ජී එල් පී ප්ලස් සහනය ලබාදීමටත් ඒ හරහා අපනයන සහන ලබාදීමටත් එකගව තිබෙනවා.

ඊට අදාළ නිල නිවේදනය ශ්‍රී ලංකා රජය වෙත කඩිනමින් ලබාදීමට නියමිතයි.

europa

ඔබගේ අදහස අපට කියන්න

Close
%d bloggers like this: