සැම්සුන් සමාගමේ ප්‍රධානියා සැකකරුවකු ලෙස නම් කෙරෙයි

දෝෂාභියෝගයක් මගින් ධූරයෙන් ඉවත් කළ දකුණු කොරියානු ජනපතිනියට සම්බන්ධ විමර්ෂණයේදී ලෝ ප්‍රකට සැම්සුන් සමාගමේ ප්‍රධානියා වන ලී ජෝන් යන්ග්  සැකකරුවකු ලෙස නම් කර තිබෙනවා.
ඒ ඔහු විසින් ව්‍යාපාරික වාසි අපේක්ෂාවෙන් දකුනු කොරියානු හිටපු ජනපතිනියට මූල්‍ය ප්‍රදානයන් සිදුකළ බවට වන චෝදනා මතයි.
සිය සමීපතම මිතුරියකට අයථා ව්‍යාපාර වාසි සැලසෙන අයුරින් කටයුතු කිරීම සම්බන්ධවයි පාර්ක් ගියුන් හයි මහත්මියට චෝදනා එල්ලවුණේ.
ඒ අනුව පැවැති දෝෂාභියෝග ජන්ද විමසීමේදී ඇය පරාජයට පත්වුණා.
කෙසේ වෙතත් සිද්ධියට සැම්සුන් සමාගම සම්බන්ධවීම හේතුවෙන් සමාගමේ කීර්තිනාමයට බලපෑම් එල්ලවන බවයි විදෙස් පුවත් සේවා පවසන්නේ

ඔබගේ අදහස අපට කියන්න

Close